Tuesday, February 7, 2012

දේවදහ සූත්‍රය

 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම්වූ ශාක්‍ය රජදරුවන්ගේ නියම්ගමෙක්හි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කළ සේක.

2. , මහණෙනි, මම සියළු භික්‍ෂුන්ටම සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළ යුතුයයි නොකියමි. මහණෙනි, මම වනාහි සියළුම භික්‍ෂුන්ට සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු නොකළ යුතුයයි නොකියමි. මහණෙනි යම් ඒ භික්‍ෂූහු රහත් වූවාහු ක්‍ෂය කළ ආශ්‍රව ඇත්තාහු වැස නිමවන ලද බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තාහු සතරමගින් කරන ලද කටයුතු ඇත්තාහු බහා තබන ලද ස්කන්‍ධාගාර ඇත්තාහු, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇත්තාහු ක්‍ෂයකළ භවසංයෝජන ඇත්තාහු මනාකොට දැන කෙළෙසුන් කෙරෙන් මිදුනාහු වෙත්ද, මහණෙනි, මම ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔවුන් විසින් අප්‍රමාදව කටයුතු කරණ ලදී. ඔවුහු ප්‍රමාද වන්ට සුදුස්සෝ නොවෙත්.

3. , මහණෙනි, යම් ඒ භික්‍ෂූහු වනාහි ශෛක්‍ෂවුවාහු නොපැමිණි අර්හත්වය ඇත්තාහු නිරුතතරවූ යොගක්‍ෂෙමය ( නිර්‍වාණය ) ප්‍රාර්ථනා කරමින් වාසය කෙරෙත්ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ට මම සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. ඊට හේතු කවරේද?

, මහණෙනි, චක්‍ඛු විඤඤාණයෙන් දතයුතුවූ මනාපවූද අමනාපවූද රූප ඇත්තාහ. ඔවුහු මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.

4. , මහණෙනි, සෝත විඤඤාණයෙන් දතයුතුවූ මනාපවූද, අමනාපවූද ශබ්දයෝ ඇත්තාහ. ඔවුහු මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙණ නොසිටිත්. සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.

5. , මහණෙනි, ඝාණ විඤඤාණයෙන් දතයුතුවූ මනාපවූද, අමනාපවූද, ගන්‍ධයෝ ඇත්තාහ. ඔවුහු මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.

6. , මහණෙනි, ජිව්හා විඤඤාණයෙන් දතයුතුවූ මනාපවූද, අමනාපවූද රසයෝ ඇත්තාහ. ඔවුහු මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.

7. , මහණෙනි, කාය විඤඤාණයෙන් දතයුතුවූ, මනාපවූද, අමනාපවූද ස්පර්‍ශයෝ ඇත්තාහ. ඔවුහු මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.

8. , මහණෙනි, මනෝ විඤඤාණයෙන් දතයුතුවූ මනාපවූද අමනාපවූද ධර්‍මයෝ ඇත්තාහ. ඔවුහු මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමියි, වදාළේය.

Sunday, February 5, 2012

අග්ගඤ්ඤ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැඟී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසු භාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත් ද? හෙළාදැකීම නොකෙරෙත් ද?´´

2. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති.´´

´´බ්‍රාහ්මණයෝ අපට මෙසේ කියති. ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රහ්මයා විසින මවන ලද්දාහුය. බ්‍රහ්මයා ගෙම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීන වූ මාර පක්‍ෂයෙහි වූ බඹහුගේ පාදයෙන් උපන්නා වූ අපිරිසිදු වූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම් වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි´´ කියාය.´´

´´වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, දරුගැබ් ඇත්තා වූද, දරුවන් වදන්නා වූද, දරුවන්ට කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යෝනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ඔහු තුමූ බ්‍රහ්මයාට ද බොරුවෙන් හෙළා දකිත්. බොරු ද කියත්. බොහෝ පව් ද රැස්කර ගනිත්.´´

3. ´´වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියාය. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ප්‍රාණාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂ වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තෙක් වෙයි. මිත්‍යාදෘෂ්ඨි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.´´

´´මෙසේ යම් ධර්ම කෙනෙක් අකුසල වෙත් ද, ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි දක්නා ලැබෙත්. ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.´´

4. ´´වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යක් දෘෂ්ඨි (හරි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි, සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහි ද, සමහර ශුද්‍රයෙකු කෙරෙහි ද දක්නා ලැබෙති.´´

´´බ්‍රාහ්මණයෝ, ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය´´ යන ඔවුන්ගේ ඒ කථාව නුවණැත්තෝ පිළිනොගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්‍ෂත්‍රියාදී) සතර වංශයන් අතුරෙන් (එකකට ඇතුළත් වූ) යම් භික්‍ෂුවක් රහත්වූයේ ද, නැති කරන ලද ආශ්‍රව ඇත්තේ වේ ද, වාසය කොට නිම කරන ලද බ්‍රාහ්මචාර්යාවාස ඇත්තේ ද, කරන ලද සිවුමහ කටයුතු ඇත්තේ ද, බාහා තබන ලද ස්කන්ධ බර ඇත්තේ ද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේ ද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේ ද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේ ද ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මේ ආකාරයෙන් ද දත යුතුයි.´´

5. ´´වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙමේ තමන්ට වඩා උසස් අනෙකෙකු නැති හෙයින් අනුත්තර නම් වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේ යයි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජුහට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජුහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, පසේනදි කොසොල් රජුහු ගරු සැලකිලි පැවැත්වීම ද, වැඳීම ද, දැක හුනස්නෙන් නැඟී සිටීම ද, ඇඳිලි බැඳීම ද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියා ද තථාහතයන් වහන්සේට කරයි.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මෙකී ආකාරයෙන් ද දත යුතුයි.´´

6. ´´වාසෙට්ඨය, ´´තෙපි කවරුහුදැ´´යි විචාරණ ලද්දාහුම ´´ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයම්හ´´යි ප්‍රකාශ කරන්නාහුය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි. ඊට හේතු කවරේ ද? වාසෙට්ඨය, ධම්මකාය යනු ද, බ්‍රහ්මකාය යනු ද, ධම්මභූත යනු ද, බ්‍රහ්මභූත යනු ද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.´´

´´ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

7. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

8. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද  වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය. එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

´´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙනවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූ ද එකල්හි කුඩු ද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´

´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´

9. ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නා වූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොටගෙන) පාවිච්චි කළේය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැනීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැනීම පහළ විය.´´

10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වී ද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වී ද, ඒ සත්ව තෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමට ද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමට ද, නෙරපිය යුත්තහු නෙරපීමට ද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහා සම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිනවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍ර යයි දන්නා ලද්දා වූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමාන වූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´

´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතට ද, නියම්ගම් වෙතට ද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින් ද, උගන්වමින් ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´

´´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත් යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයි.´´

´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණ වූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුනහ.´´

´´´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´

´´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහු ද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´

´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශුද්‍රයයි යන නාම විය.´´

´´මෙසේ මේ පුරාණ ශුද්‍ර සමූහයාගේ පහළවීම පිළිබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

11. ´´වාසෙට්ඨය, යම් හේතුවකින් ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේද තමාගේ ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේ ද, එබඳු කාලයක් වේමය.´´

´´වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් අමූහ අතුරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය.´´

12. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් දුෂ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිර, සිතින් දුෂ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්ව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදියි.´´

13. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යක් දෘෂ්ටිව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්ව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.´´

14. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍ර වූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍ර වූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව දුක් දෙකම විඳින්නේ වෙයි.´´

15. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූ බෝධිපාක්‍ෂික ධර්මයන් (මාර්ග ඥානය ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්ම භාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.´´

16. ´´වාසෙට්ඨය, මේ සතර වංශ අතුරෙන් යම් භික්‍ෂුවක් අර්හත් වූයේ ද, නැති කරන ලද කෙලෙස් ඇත්තේ ද, වැස නිම කරන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ ද, බහා තබන ලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේ ද, පැමිණියා වූ තමාගේ අර්ථය ඇත්තේ ද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේ ද, මනා කොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හේ තෙමේ ඔවුනතුරෙන් අග්‍ර යයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨයි.´´

´´වාසෙට්ඨය, සනත් කුමාර නම් බ්‍රහ්මයා විසින් ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.´´

´´යම් ජනයෝ, ´´මම ගෞතම වෙමි´´, ´´මම කාශ්‍යප වෙමි´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

´´වාසෙට්ඨය, මම ද මෙසේ කියමි. ´´යම් ජනයෝ ´´මම ගෝතම වෙමි. මම කාශ්‍යප වෙමැ´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමනේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ වූවාහුය.´´

විසිහත් වැනි වූ අග්ගඤ්ඤ සූත්‍රය නිමියේය.

සාමඤ්ඤ ඵල සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අසල කෝමාර භච්ච ජීවකයන්ගේ අඹ වනෙහි මහා භික්‍ෂු සංඝයා වූ භික්‍ෂුන් එක් දහස් දෙසිය පනහක් සමඟ වාසය කළේය. ඒ කාලයේ දී විදේහ දේවිගේ පුත්‍රයා වූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ සම්පූර්ණ හඳ එළියෙන් බබළන රාත්‍රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට අජාසත් රජ මෙසේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළේය.

´´පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම ප්‍රීති ගෙන දෙයි. ලස්සන පෙනුමකි. දැකීමට ප්‍රියය. සිත් සතුටු කරන්නීය. මතක තබා ගැනීමට සුදුසුය. ළඟට ගොස් ආශ්‍රය කිරීමෙන් අපගේ සිත් පහදවා ගැනීමට කුමන මහණෙකු හෝ බමුණෙකු අද සොයා යන්නෙමුද?´´

2. මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් අජාසත් රජුට මෙසේ කීය. ´´දේවයන් වහන්ස, මේ පූර්ණ කාශ්‍යපයන්ට සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තිර්ථක ධර්ම දේශනා කරන්නෙකි. බොහෝ දෙනා විසින් යහපත්යැයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්ස, ඒ පූර්ණ කාශ්‍යප ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය. ´´ මෙසේ කි කල අජාසත් රජ නිශ්ශබ්ද විය.

3. එක්තරා රජ ඇමතියෙක් එසේම මක්ඛලී ගෝසාලයන් ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

4. එක්තරා රජ ඇමතියෙක් අජිත කේසකම්බලයන් ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

5. එක්තරා රජ ඇමතියෙක් පකුධකච්චායන ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

6. එක්තරා රජ ඇමතියෙක් සංජය බෙලට්ඨපුත්ත ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

7. එක්තරා රජ ඇමතියෙක් නිඝණ්ඨනාථ පුත්ත ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

8. එකල්හි කෝමාරභච්ච ජීවක නිශ්ශබ්දව අජාසත් රජ සමීපයෙහි උන්නේ විය. එවිට අජාසත් රජ, ´´යහළු ජීවකය, ඔබ කුමක් නිසා නිශ්ශබ්දව සිටින්නාහුදැයි´´ ඇසීය.

´´දේවයන් වහන්ස, මේ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ මහා භික්‍ෂු සංඝයා වූ එක් දහස් දෙසිය පණහක් පමණ භික්‍ෂුන් වහන්සේ සමඟ අපගේ අඹ වනයෙහි වාසය කෙරෙත්. ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු ස්තුති ඝෝෂාව උස්ව නැං‍ඟේය. කෙසේද යත්- ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුදු විය. විජ්ජා චරණ සම්පන්න විය. සුගත විය. ලෝකවිදූ විය. අනුත්තර විය. පුරිසධම්ම සාරථි විය. දෙව් මිනිසුන්ට උගන්වන බැවින් ශාස්තෘ නම් විය. බුද්ධ නම් විය. භගවත් විය.

එබැවින් දේවයන් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කෙරෙත්වා. උන් වහන්සේ ආශ්‍රය කරන ඔබ වහන්සේගේ සිත සැකයක් නැතිව පහදින්නේමයයි.´´

´´යහළු ජීවකය, එසේ නම් ඇත් යානාවක් සරසව.´´

9. ඇතින්නියන් පන්සියයක් සහ රජුට නැඟීමට ඇතෙකු ද සරසවා, ´´දේවයන් වහන්ස, ඇත් යානා පිළියෙල කෙරුවේය. ගමනට කාලයයි සලකන්නේ නම් කැමැත්තක් කල මැනව´´යි රජුට දැන්වීය.

එවිට අජාසත් රජ පන්සියයක් ඇතිනි යානයන්හි එක් එක් ස්ත්‍රිය බැඟින් නංවා තමන්ට සුදුසු ඇතුපිට නැඟී පන්දම් දැල්වූ කල මහත් වූ රාජානුභාවයෙන් යුක්තව රජගහ නුවරින් පිටත්ව කෝමාරභච්ච ජීවකයාගේ අඹ වනයට ගියේය.

10. එකල අජාසත් රජුට අඹ වනයට නුදුරු තැනක දී සිතට ලොකු භයක් ඇතිවිය. තිගැස්සීමක් ඇතිවිය. ලොම් නැගී සිටියේය. එවිට අජාසත් රජ, ´´යහළු ජීවකය, මොකද? මා වංචා කලා නොවේද? නැති දේ ඇතැයි කියා මා රැවටුවා නොවේද? මා සතුරන්ට පාවා දෙනවා නොවේද? එක් දහස් දෙසිය පණහක් පමණ වූ මහා භික්‍ෂු සංඝයාගේ කිවිසුම් ශබ්දයක් හෝ කෑරුම් ශබ්දයක් හෝ කථා ශබ්දයක් හෝ පමණවත් ඇසෙන්නේ නැද්ද?´´ ඇසීය.

´´මහරජ, බිය නොවන්න, මහරජ ඉදිරියට යන්න, වක්‍රාකාර ශාලාවෙහි පහන් දැල්වෙයි.´´

11. එවිට අජාසත් රජ ඇතුපිටින් යන්ට හැකිතාක් දුරට ගොස්, ඇතුපිටින් බැස පයින්ම වක්‍රාකාර ශාලාවේ දොර ලඟට පැමිණියේය. එසේ පැමිණ, ´´යහළු ජීවකය, භාග්‍යවතුන් වහන්සේ කොතනදැයි´´ ජීවකයාගෙන් ඇසුවේය.

´´ඒ භාග්‍යවතුන් වහන්සේ, මැද කණුව සමීපයෙහි නැගෙනහිර දෙස බලා භික්‍ෂු සංඝයා පිරිවරා වැඩහුන්නේ භාග්‍යවතුන් වහන්සේය.´´

12. එවිට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳින තැනට පැමිණියේය. පැමිණ එක පැත්තකට වී සිටියේය. හැම පැත්තෙන්ම සන්සුන් වූ නිශ්ශබ්ද වූ පිරිසිදු විලක් මෙන් සතුටු ඉන්ද්‍රින් ඇති භික්‍ෂු සංඝයා නැවත නැවත බලා, ´´දැන් මේ භික්‍ෂු සංඝයා යම් ආකාර සංසිඳීමකින් යුක්ත ද, මාගේ උදයභද්ද කුමාරයා ද ඒ ඉන්ද්‍රිය මැඬ පවත්වා ගැනීමෙන් යුක්ත වේවා´´යි ප්‍රීති වාක්‍යයක් අජාසත් රජ පහළ කළේය.

´´මහරජ, භික්‍ෂු සංඝයා බලා තොපගේ සිත ප්‍රේමය ඇති තැන කරා ගියා වේද?´´

´´ස්වාමීනි, උදයභද්ද කුමාරයා මට ප්‍රියය, දැන් මේ භික්‍ෂු සංඝයා යම් ඉන්ද්‍රි මැඬ පවත්වා ගැනීමකින් යුක්ත ද, උදයභද්ද කුමරු ද ඒ ඉන්ද්‍රිය මැඬ පවත්වා ගැනීමෙන් යුක්ත වේවා.´´

13. එවිට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ, භික්‍ෂු සංඝයාට දෑත් එකතු කොට වැඳ එකත්පස්ව උන්නේය. එසේ උන්නා වූ අජාසත් රජ ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්නේ නම්, කිසියම් ප්‍රශ්නයක් අසමි´´යි කීයේය.

´´මහරජ, තොපට යමක් කැමති නම් එය අසව.´´

14. ´´ස්වාමීනි, ඒ ඒ අයගේ ජීවත්වීමට හේතු වූ බොහෝ ශිල්ප වෙයි. ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔවිහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්. ස්වාමීනි, එමෙන්ම මේ භාවයෙහි දැක්ක හැකි වූ විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට ඔබට පුළුවන්ද?´´

15. ´´මහරජ, ඔබ මේ ප්‍රශ්නය අන් මහණ බමුණන් ගෙනුත් ඇසූ බව නොදන්නේහිද?´´

´´ස්වාමීනි, මේ ප්‍රශ්නය වෙනත් මහණ බමුණන් ගෙන් මම ඇසූ බව දනිමි.´´

´´මහරජ, ඔවුන් එය කෙසේ විසඳුවාදැයි ඔබට අපහසු නොවේ නම් කියව.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ බඳු අන්‍යයෝ හෝ යම් තැනක වෙත් ද, එතුමන් ඉදිරියෙහි කියන්නට අපහසු නොවේ.´´

´´මහරජ, එසේ නම් කියනු මැනව.´´

16. ´´ස්වාමීනි, මම එක් දිනෙක පූර්ණ කාශ්‍යපයන් වෙත පැමිණ මේ ආත්මයෙහි දැක්ක හැකිවූ විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්දැයි ඇසුවෙමි. ´´

17. ´´ස්වාමීනි, පූර්ණ කාශ්‍යපයා මට මෙසේ කීය. සිය අතින් කරන්නා හටද, අණ දී කරවන්නා හටද, ශෝක ඇති කරන්නා හටද, අනුන් ලවා ශෝක කරවන්නා හටද, ප්‍රාණ හිංසා, නුදුන් දෙය ගන්නා, පැහැර ගන්නා, පර අඹුවන් කරා යන්නා, බොරු කියන්නා, පවක් කරන්නා හටද පවක් නැත්තේය. දෙමින්, දෙවමින්, යාග කරමින්, කරවමින් ඒ හේතුවෙන්ද පිනක් නැත්තේය. පුණ්‍යාගේ වැඩීමක් නැත්තේය. (දන්) දීමෙන් ද, ඉන්‍ද්‍රි දමනයෙන් හෝ එක් වරුවේ කෑම ගන්නා දිනයෙන් ද, සීල-හික්මීමෙන් ද, සැබෑ කීමෙන් ද, පිනක් නැත්තේය. පුණ්‍යාගේ පැමිණීමක් නැත්තේය´´ යනුයි.

ස්වාමීනි, මෙසේ මා විසින් හොඳින් දුටුවා වූ යහපත් මාර්ග ඵලය අසන කල පූර්ණ කාශ්‍යප නොකිරීම ප්‍රකාශ කළේය. ඒ වචනය සාර වශයෙන් නොගෙන, එය සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි.´´

18. ´´ස්වාමීනි, මම එක් දිනෙක මක්ඛලීගෝසාලයන් වෙතට පැමිණ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්දැයි ඇසුවෙමි.´´

19. ´´ස්වාමීනි, මා මෙසේ කී කල මක්ඛලීගෝසාල මට මෙය කීවේය. එනම්- මහරජ, සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව සත්වයෝ කෙලෙසෙත්. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයෝ පිරිසිදු වෙත්. තමා කල කර්මයෙහි විපාක නැත. අනුන්ගේ අවවාදානුශාසනා පරිදි කල කර්මයෙහි ඵලය නැත. බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝ ද, සියළු ප්‍රාණීහු ද, සියළු භූතයෝ ද යන සියල්ලෝම වසඟ නැත්තෝ බල නැත්තෝය. වීර්යය නැත්තෝය. නියම ගති ඇති බැවින් සය ආකාර උසස් ජාතීන් අතුරෙහි ඒ ඒ ගතිවලට පැමිණීමෙන්ද ස්වභාවයෙන්ද නොයෙක් ආකාරයට පැමිණියාහු ජාතියෙහිම සුවදුක් විඳිත්. භවයෙන් භවයෙන් ගොස් ජීවත් වෙමින් දුක් අවසන් කෙරෙත්.´´

´´ස්වාමීනි, මෙසේ මා විසින් ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල මක්ඛලීගෝසාල භවයෙන් භවයට යාමෙන් සත්වයා පිරිසිදු වන බව ප්‍රකාශ කළේය. ඔහු කී දේ සාර වශයෙන් නොගෙන, එය සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

20. ´´ස්වාමීනි, දිනක් මම කේස කම්බලධාරී වූ අජිතයන් වෙත පැමිණ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට හැකිදැයි ඇසුවෙමි.´´

´´ස්වාමීනි, මා මෙසේ කී කල කේසකම්බල අජිත මට මෙය කීයේය. – මහරජ, දානයක් නැත, යාගයක් නැත, ගරු බුහුමන් කිරීමක් නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයක් නැත, විපාකයක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවෙක් නැත, පියෙක් නැත, මැරී උපදින සත්වයෝ නැත, යමෙක් මෙලොව පරලොව විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙත්ද එබඳු ආර්ය මාර්ගයට පැමිණි හොඳින් පිළිපැද්ද මහණ බමුණෝ ලෝකයේ නැත.

සතර මහා මූලික ධාතු (චතුර් මහා භූතමය) වූ මේ පුර්ෂ තෙමේ යම් කලෙක මැරුණේ ද එකල ඒ ඒ ධාතු, ධාතු රැසට පැමිණෙයි, ඇතුලත් වෙයි. ඉන්ද්‍රියයෝ හය අහසෙහි හැසිරෙත්. අනුවණ අය ද නුවණ ඇත්තෝ ද මරණින් පසු සහමුලින් නැතිවෙත්, වැනසෙත්. මරණින් මතු ඔවුන් නොවෙත් (ඉපදීමක් නැත).´´

´´ස්වාමින් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල අජිත තෙමේ උච්ඡෙද වාදය පැවසීය. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල ස්වාමීනි ඒ කේසකම්බල අජිත තෙමේ උච්ඡෙද වාදය පැවසීය. ඔහු කී දේම සාරයයි නොගෙන උන් ආසනයෙන් නැගිට ගියෙමි.´´

21. ´´ස්වාමින් වහන්ස, මම එක් දිනක් කච්චායන ගෝත්‍රයෙහි වූ පකුධයන් වෙත ගියෙමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට හැකිදැයි ඇසුවෙමි.´´

´´ස්වාමීනි, මා මෙසේ කී කල පකුධ කච්චායන මට මෙසේ කීය. – මහරජ, නොකරණ ලද්දා හුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දා වූද, නොමවන ලද්දා වූ පඨවි සමූහය, ආපෝ සමූහය, තේජෝ සමූහය, වායෝ සමූහය, සැපය, දුකය, සත්වැනි වූ ප්‍රාණය යන මොහුය මේ සමූහ සත කිසි හේතුවකින් නොකරණ ලදහ. මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලදහ. කිසිවකු විසින් හෝ කිසිවකු ලවා නොමවන ලද්දෝය. කිසිවකු නූපදනන්නෝය. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද කිසිවෙක් කිසිවකු ජීවිතයෙන් තොර නොකරයි. පඨවි ආදී සත් වැදෑරුම් සමූහයන් අතුරින් එහි සිදුරෙන් ආයුධයක් ඇතුළු වෙයි.´´

´´ස්වාමීනි, මා මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල කච්චායන ගෝත්‍රයෙහි වූ පකුධ තෙමේ අනිකකින් අනිකක් පැවසීය. ඔහු කී දේම සාරයයි නොගෙන සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

22. ´´ස්වාමින් වහන්ස, මම එක් කලෙක නිගණ්ඨනාථ පුත්‍රයන් යම් තැනෙක ද එතැනට ගියෙමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් දක්වන්නට හැකිදැයි ඇසුවෙමි´´.

´´ස්වාමීනි, මා මෙසේ කී කල ඒ අගගිවෙස්සන තෙමේ මෙසේ කීය.- මහරජ, මේ ලෝකයේ නිගණ්ඨ තෙමේ සතර කොටසින් යුත් සංවරයෙන් යුක්තවේ. නිගණ්ඨ තෙමේ සියළු සිහිල් ජලයෙන් වැළකෙන්නේ සියළු පවින් වැළකීමෙන් යුක්ත වූයේ සියළු පවු පිඹ හැරියේ සියළු පව් වැළක්මෙන් ස්පර්ශ කරන ලද්දේ වේ. මහරජ, නිගණ්ඨ තෙමේ සංවරයෙන් මෙසේ සතර කොටසින් යුක්තවේ. මහරජ, යම් හෙයකින් නිගණ්ඨ තෙමේ මෙසේ සතර කොටසින් යුත් සංවරයෙන් යුක්තවූයේ වේද, මහරජ, මේ නිගණ්ඨ තෙමේ කෙලවරට පැමිණි සිත් ඇත්තේ ද, දමනය කරන ලද සිත් ඇත්තේ ද, හොඳ ලෙස පිහිටි සිත් ඇත්තේ ද වෙයි.´´ 

´´ස්වාමීනි, මා විසින් මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිඝණ්ඨනාථ පුත්‍ර තෙමේ හතර කොටසින් යුත් සංවරය ප්‍රකාශ කෙළේය. එයම සාරයයි නොගන්නේ, සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

23. ´´ස්වාමීන් වහන්ස මම එක් දිනක් බෙලට්ඨපුත්ත වූ සංජය, වෙත ගියෙමි. මත්තෙහි ඵලදෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණෝ කෙරෙහි පිහිටුවත්. ඒ මන්දැයි ඇසුවෙමි.´´

´´ස්වාමීන් වහන්ස මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල සත්ව තෙම මරණින් මතු වන්නේයයි කියාද, සත්ව තෙම මරණින් මතු නොවන්නේයයි කියාද, සත්වයා මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි, ආදී කියා බෙලට්ඨපුත්ත සංජය ප්‍රශ්නය ඉවත ලෑම ඉදිරිපත් කළේය. ඒ නොගන්නේ, ඒ සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

24.´´ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ ද විචාරමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් දක්වන්නට හැක්කේද?´´

´´එසේ හැක්කේය, මහරජ, එසේ නම් මහරජ මේ කරුණෙහි ලා ඔබගෙන් අසන්නෙමි. යම් ලෙසකින් ඔබට රුචි වන්නේද එසේ ප්‍රකාශ කරව.´´

25. ´´මහරජ මෙකරුණෙහි ඔබට කුමක් හැඟෙන්නේද? එනම් – ඔබට මෙහි අලස නොවී කටයුතු කරන වැඩකරු පුරුෂයෙක් කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. ඔහු මෙසේ මහණ වූයේම කය සංවරයෙන් යුක්තව වසන්නේය. කිම මහරජ? ´´ඔහු වැඩ කරුවෙක් වේවායි´´ ඔබ කියන්නෙහිද?´´

´´නැත ස්වාමීනි, එබන්දක් නොවේ. එසේ ඇති කල්හි ඔහුට අපි වැඳීම ද කරන්නෙමු. ඔහු දැක (අපිම) හුනස්නෙන් ද නැගිටින්නෙමු, ආසනයන් ද පනවන්නෙමු, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍ය වූ විට ඒ බව අපට කිව මැනවැයි ද විශේෂයෙන් පවරන්නෙමු. ධාර්මික වූ ආරක්ෂාවෙන් ආවරණයෙන් රැකීම ද ඔහුට සලසන්නෙමු.´´ 

´´කිම මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙන් දැක්ක යුතු විපාක ඇති ඵලයක් වේද? නොවේද? ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මෙසේ ඇති කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලය වේ මය.´´

26 ´´ස්වාමීනි එපරිද්දෙන්ම මේ ආත්ම භාවයෙහි ලැබෙන අන්‍යවූද මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයක් ප්‍රකාශ කළ හැක්කේ ද?´´

´´හැක්කේය මහරජ, එසේ නම් මහරජ මේ කරුණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි, යම් ලෙසකින් ඔබට රුචි වන්නේද එසේම ප්‍රකාශ කරව. මහරජ, ඔබට සීසාන්නා වූ ගෘහපතියෙක් වූ පුරුෂයෙක් කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නේය. හෙතෙම මෙසේ මහණ වූයේ කයින් සංවරව වසන්නේය. වචනයෙන් සංවරව වසන්නේය, සිතින් සංවරව වසන්නේය, හෙතෙම ´´සීසාන්නා වූ, ගෘහපති වූ, අයබදු ගෙවන්නා වූ, ධනධාන්‍ය රැස්කරන්නා වූ තැනැත්තෙක් වේවායි´´ ඔබ මෙසේ කියන්නෙහිද?´´

 ´´නැත ස්වාමීනි එසේ නොකියන්නෙමි. එසේ ඇති කල්හි අපිම ඔහුට නමස්කාර කරන්නෙමු. ධාර්මික ආරක්ෂා ආවරණයෙන් රැකීමද සලස්වන්නෙමු.´´

´´කිම මහරජ? ඉතින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයක් වේද? නොවේද? මේ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?´´

´´ස්වාමීනි, මෙසේ වූ කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඵලයක් වේමය.´´

27. ´´ස්වාමීන් වහන්ස මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා අතිශයින් සිත් පිනවන අතිශයින් උතුම් වූ මේ ආත්ම භාවයෙහි ලැබිය හැකි අන්‍ය වූ ද විපාක ඵලයක් දක්වන්නට හැක්කේ ද?´´

´´හැක්කේය මහරජ, එසේ නම් අසව මහරජ, මනාකොට මෙනෙහි කරව කියන්නෙමි.´´

28. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. ´´මහරජ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ, යහපත් ගති ඇත්තා වූ, සියළු ලෝකයන් දන්නා වූ, ශ්‍රේෂ්ඨ වූ, හික්ම විය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූ, සත්‍ය වූ උතුම් ධර්ම හතර (චතුරාය්‍ර්‍ය සත්‍ය) අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිත වූ, බ්‍රහ්මයන් සහිත වූ, මහණ බමුණන් සහිත වූ, රජුන් සහ මිනිසුන් සහිත වූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ, සියළු ලෙසින් සම්පූර්ණ වූ, පිරිසිදු වූ සියළු ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.´´

29. ´´ඒ ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. ´´ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ, සියලු ආකාරයෙන් පිරිසිදු වූ, ලිය වූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙම් නම් ඉතා යහපතැයි´´ කියායි.

´´ඔහු පසු කාලයක සම්පත් රාශියක් හැර, නෑ පිරිස් හැර, කෙස් දැලි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත් වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්ත වූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදු වූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි.´´

30. ´´මහරජ, භික්‍ෂු නමක් කෙසේ නම් සීල සම්පන්න වේද? මහරජ, මේ සස්නෙහි වූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඬු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරෙයි.´´

´´නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ සොර නොවූ පිරිසිදු වූ සිතින් යුතුව වාසය කෙරේ.´´

´´අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි.´´

´´බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ.´´

´´පිසිණු බස් හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේ ද, මෙසේ භේද වූවන් ගළපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙන් ඇලුම් බහුල කොට ඇත්තේ, සමගි කම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇති කරන තෙපුල් කියන්නේය.´´

´´පරුෂ වචනය, හැර සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේ ද, කණට සැප ද, ප්‍රෙමණීය ද, සතුටු කරයි ද, යහපත් ද, බොහෝ දෙනාට ප්‍රිය ද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේ ද, එබඳු වචනම කියන්නේ වේ.´´

´´හිස් වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදු වූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්ත වූ ධර්මයෙන් යුක්ත වූ විනය සම්බන්ධ වූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිත වූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මේ ඔහුගේ සීලය වේ.´´

´´තණ ගස්, වැල් සිඳීම්, බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රී කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය.´´

´´රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´අමු වූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේය.´´

´´අමු මස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ ද, ස්ත්‍රීන් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ ද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මේ පිළිගැන්මෙන් ද සම්පූර්ණයෙන් තොර වූයේය.´´

´´ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය.´´

´´ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සඳහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අඟවා වංචා කිරීමය, නොයෙක් ආකාර වූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැනීමය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්තු පැහැර ගැනීමය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මේ ඔහුගේ සීල වේ.´´

(සුලු සීලය නිමියේය)

31. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳු වූ බීජ ගාම භූත ගාමයන් සිඳීම්, බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.´´

´´එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නම් වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්ම යයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නම් එසේම මන්ත්‍ර පිරවීමෙන් නෘත්‍ය ආදී විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙය ද ඔහුගේ සීලයක් වේ. එසේම දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. දෝෂාරෝපන කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය, හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි.´´

(මැඳුම් සිල් නිමියේය)

32. ´´සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන් කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍ර ග්‍රහණ, සූර්ය්‍ය ග්‍රහණ යනාදියේ විපාක කීමේ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

33. ´´සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

34. ´´සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැඳීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

35. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භූරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබඳු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

36. ´´මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත් – මහරජ, ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සම්පන්නවූ භික්‍ෂු තෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනක දී නොදක්නේය. ආර්ය වූ මේ ශීල රාශියෙන් යුක්ත වු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදු වූ (කායික චෛතසික) සැපය විඳියි. මහරජ, මෙසේ දැක් වූ ශීලයෙන් යුක්ත වූ භික්‍ෂුව ශීලසම්පන්න නම් වේ.´´

(මහ සිල් නිමියේය)

37. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ ද? මහරජ, මේ සස්නෙහි භික්‍ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ සිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රිය රකී, ඇස් ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. එසේම කන් ඉන්ද්‍රියෙහිද, නාස් ඉන්ද්‍රියෙහිද, දිව් ඉන්ද්‍රියෙහිද, සිත් ඉන්ද්‍රියෙහිද සංවරයට පැමිණේ. එබඳුවූ භික්‍ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිඳුවූ අධි විත්ත සැපය විඳියි. මහරජ, මෙසේ වූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.´´

38. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´

´´මහරජ, මේ සස්නෙහි භික්‍ෂු තෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද, අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, දෙපට සිවුරය, පාත්‍රය, සිවුරය යන මේ දේ දැරීමෙහිදී අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මළ මුත්‍රා පහකිරීම්ද, නුවණින් (ආදීනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. මහරජ, මෙසේ කරන්නාවූ භික්‍ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.´´

39. ´´මහරජ, භික්‍ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?´´

´´මහරජ, භික්‍ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිව්රෙන්ද, ආරක්‍ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අට පිරිකර (කය පිළිබඳ වූදේ) පමනක් ගෙනයයි. මෙසේ වූ භික්‍ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

40. ඒ භික්‍ෂු තෙමේ කැලය ද, ගහක් මුල ද, සොහොන් ද ඉතා දුර වූ කැලෑ වාසස්ථාන ද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණගුහා ද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්ය්‍යඞකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවනෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වශයෙන් සිත ඉදිරියෙහි පිහිටුවා ගෙන හිඳී.

41. ´´ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නා වූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරු වූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රෝධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිලිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරු කොට සිත පිරිසිදු කෙරේ. උඩඟුබව හා කුකුස දුරුකොට සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ජාව සැකය දුරුකොට පහ කළ විචිකිච්ජා ඇත්තේ කුශල ධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිච්ජාවෙන් සිත පිරිසිදු කෙරේ.

42. ´´මහරජ, යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයන්හි යොදන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වන්නාහු නම් ඒ ණය නැති බව මුල්කොට ගෙන බලවත් සතුටක් ලබන්නේය.

43. ´´මහරජ, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තා වූ, දැඩි ගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේ ද ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය.

44. මහරජ, යම්සේ පුරුෂකේ සිරගෙයි බැඳුනේ වේ ද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය.

ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

45. ´´මහරජ, යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත් වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩ කරුවෙක් වන්නේ ද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය.

46. ´´මහරජ, යම්සේ ධනවත් වූ භෝග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභ වූ භය සහිත වූ, දීර්ඝ වූ, කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේ ද, ඔහු මඳ කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්නේ පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේ ද, ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

47. ´´මහරජ, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන් භික්‍ෂු තෙමේ පහ නොකළ ( පඤ්චනීවරණ ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී තමන් තුළ ලා දක්නේය.

48. ´´පහ කළා වූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නා වූ ඒ භික්‍ෂු හට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රිති සහගත සිත් ඇත්තහුගේ නාම කය ( වේදනාදී ස්කන්ධ හතර ) සංසිඳෙයි. සංසිඳුනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට ( එකඟ බවට ) පැමිණෙයි.

49. ´´ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශ කාමයන් ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන් ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණ වීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිත වූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ( සකල ) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණ්යෙන් පුරවයි. සැම තන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි. මහරජ, මෙයද මේ ආත්මයෙහි දැකියයුතු විපාක ඇති ඵලයකි. මෙය ඉහතකී මේ ආත්ම භාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රෙෂ්ඨද වෙයි.

50. ´´මහරජ, නැවත ද භික්‍ෂු තෙමේ අධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නා වූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ. මහරජ, එපරිද්දෙන් මේ භික්‍ෂු තෙමේ මේ මුලු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ. ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

´´මහරජ මෙයද මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයෙකි, මෙය වනාහි ඉහතකී මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා මනොඥය, බොහෝසේ ශ්‍රෙෂ්ඨය.

51. ´´නැවතද මහරජ, ඒ භික්‍ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්‍ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි. ´´මහරජ මෙයද ඉහතකී ඵලයන්ට වඩා බොහෝසේ මනහර වෙයි. බොහෝ සේ ශ්‍රෙෂ්ඨද වෙයි.

52. ´´නැවතද මහරජ ඒ මහණ තෙමේ සැප දුරු කිරීමෙන්, දුක් දුරු කිරීමෙන් ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක් ද නොවූ, සැප ද නොවූ උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති හතරවෙනි ධ්‍යාන ( කුසල ) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ ධ්‍යාන ලාභී භික්‍ෂුහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදු වූ, අතිශයින් බබලන්නා වූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

´´මහරජ, මේ ඵලය ඉහතකී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි බොහෝ සේ ශ්‍රෙෂ්ඨයි.

53. ´´නැවතද, මහරජ ඒ භික්‍ෂු තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, ක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි විදර්ශනා ඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය සතර මහා භූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේ ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය, යන මේ දේ ස්වභාව කොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙලේ වෙයි. මෙහිම බැඳී සිටියේය.

´´මහරජ, මේ ඵලය ද, දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ සේ මනෝඥය, බොහෝ සේ ශ්‍රෙෂ්ඨ ද වෙයි.

54. ´´ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, ක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනෝමය වූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙසෙසින් නමයි. ඔහු ආකාරවත් වූ මනෝමය වූ ( ධ්‍යාන සිතින් නිපදවන ලද ) ශරීරය හා අතපය ආදී අවයව ඇති විකල නොවූ ඉඳුරන් ඇති මේ ශරීරයෙන් අන්‍ය වූ ශරීරයක් හොඳ ලෙස සාදයි.

මහරජ, එසේම භික්‍ෂු තෙමේ මෙසේ සිත සමාධිගත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කාමහිත් රහිත වූ කල්හි, ක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්ථිර වූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති සිතින් මවන ලද, සියලු ශරීරය හා අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. මහරජ, මෙයද ලැබිය යුතු විපාක ඵලයන්ට වඩා උතුම් වූද බොහෝසේ මිහිරි වූද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු විපාක ඵලයක් වෙයි.

55. ´´ඔහු ඊට පසු සෘඬි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති සෘඬි විධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිඳ ගෙනම යයි. මේ මහත් සෘඬි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

´´මහරජ, මෙයද මේ ආත්මයෙහි වූ, ඵලයන්ට වඩා උතුම් වූ ද, බොහෝ සේ මිහිරි වූ ද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි.

56. ඔහු ඊට පසු දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද, දුරෙහි වූ ද, සමීපයෙහි වූ ද, දෙයාකාර ශබ්දයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්ම වූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද, දුරෙහි වූ ද, සමීපයෙහි වූ ද, දෙයාකාර ශබ්දයන් අසයි. ´´මහරජ, මෙයද පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් වූ ද, මිහිරි වූ ද ඵලයෙකි.

57. ´´ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිදු යයි දනියි. ලෞකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. (ක්ලේෂයෙන් මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.)

´´මහරජ, මෙය ද මේ ආත්මයෙහි භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙකි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. එක් ජාතියක් ද, දෙජාතියක් ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන් ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන් ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන් ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

´´මහරජ, මෙයද පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් වූ ද, අතිශයින් මිහිරි වූ ද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි.

58. ´´ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම වූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු වූ, දුක් වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීම වූ ස්වර්ග ලෝකයට පැමිණියෝය.

´´මහරජ, මෙය ද මේ ආත්මයෙහිම භික්‍ෂුන් විසින් ලැබිය යුතු පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් වූ ද, අතිශයින් මිහිරි වූ ද, මේ ආත්මයෙහි වූ භික්‍ෂු භාවයේ ඵලයෙකි.

59. ´´ඔහු සිතේ පැසවන කෙලෙස් පහ කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුක යයි තතු ලෙස දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුව යයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී, මේ පැසවන කෙලෙස් යයි තතු ලෙස දැනගනී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතු යයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන් ද මිදේ, සංසාරයට ( භවයට ) ඇති ආශාවන් කෙරෙන් ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන් ද සිත මිදේ, මිදුණු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරන ලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ´´යිද දැනගනී.

´´මහරජ, මේ වනාහි මේ ආත්මයෙහි වූ භික්‍ෂුන් විසින් ලැබිය යුතු පෙර කියන ඵලයන්ට වඩා බොහෝ උතුම් වූ ද, බොහෝ මිහිරි වූ ද, මේ ආත්මයෙහි භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙකි. මේ භික්‍ෂු භාවයේ ඵලයට වඩා බොහෝ උතුම් වූ ද, බොහෝ මිහිරි වූ ද, භික්‍ෂුන් ලැබිය යුතු වෙන ඵලයෙක් නැත.

60. මෙසේ වදාළ කල්හි අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ (11) ස්වාමීනි, ඉතාම යහපති. ස්වාමීනි, ඉතාම යහපති ස්වාමීනි, ( යමෙක් ) යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද, වැසුමක් එලිදරව් කරන්නේ ද, මුළා වූවෙකුට මඟ කියන්නේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහණක් දල්වන්නේ ද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලද්දේය.

(111)´´ස්වාමීනි ( ඒ ඇසූ ) මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මය ද, සංඝයා ද, සරණ කොට ගනිමි. අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා. (1111) බාලයෙකු මෙන් ද, අනුවණයෙකු මෙන් ද, අදක්‍ෂයකු මෙන් ද, මම වරදට අසු වූයෙමි. ඒ මම ධාර්මික වූ ධර්මයෙන් යුත් රජෙකු වූ මාගේ පියා සම්පත් ලෝභ හේතුවෙන් ජීවිතයෙන් තොර කෙළෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මත්තෙහි සංවරණය පිණිස ඒ වරදට මට ක්‍ෂමා කරණ සේක්වා.´´

61. ´´මහරජ, ඒකාන්තයෙන් බාලයෙකු මෙන් ද, අනුවණයෙකු මෙන් ද, අදක්‍ෂයෙකු මෙන් ද වරද ඔබ ඉක්මවා ගියේය. ඒ වරද නම් ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකු වූ පියා සම්පත් ලොභ හේතුවෙන් ජීවිතයෙන් තොර කළෙහිය. මහරජ, ඔබ යම් හෙයකින් වරද වරද වශයෙන් දැක ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරෙහි නම් ඔබේ ඒ වරද අපි ඉවසමු. යමෙක් වරද වරද වශයෙන් දැක මත්තෙහි සංවරණයට පැමිණේ ද, ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරේ ද, එය උතුම් හැසිරීමෙහි දියුණුවයි.´´

62. මෙසේ වදාළ කල්හි අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ´´ස්වාමීනි, දැන් ඉතින් අපි යමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.´´

´´මහරජ, එසේ නම් ඔබට යාමට සුදුසු කාලය නම් ඒ බව දනුව.´´

එකල්හි මගධ රට රජ වූ වෙදෙහි පුත්‍ර අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, ඒ ගැන ප්‍රීතිව අස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ දකුණු පැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවයෙන් ගියේය.

63. එවිට භාග්‍යවත් තෙමේ, අජාසත් රජ බැහැර ගිය නොබෝ වේලාවකින් භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කෙළේය. ´´මහණෙනි, මේ රජ තමන්ම වැනසුනේය. මේ රජ පියා දිවියෙන් තොර නොකෙළේ නම් මේ හුනස්නෙහිදීම පිරිසිදු වූ කෙලෙස් මළ පහ වූ ධර්ම ඇස ( සෝවාන් මඟ ) ඔහුට උපදින්නේය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු වූ සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

දෙවෙනි වූ සාමඤ්ඤ ඵල සූත්‍රය නිමි

පොට්ඨපාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවනාරාමයෙහි වාසය කළ සේක. එකල්හි පොට්ඨපාද නම් පරිබ්‍රාජක තෙම ´´සමයප්පවාදක´´ නම් වූ රැස්වී කතා කරන ස්ථානයට (තිඹිරිගස් වලින් වට වූ) එකම ශාලාවක් වැනි වූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පරිබ්‍රාජකයන් ඇති මහත් පරිබ්‍රාජක පිරිස සමඟ වාසය කෙරෙයි.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිටත් වූ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය. සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරීමට කල් වැඩිවෙයි. එබැවින් ඉඳින් මම මල්ලිකා ආරාමයෙහි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම වෙත එළඹෙන්නෙම් නම් ඉතා යහපතැයි, කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා ආරාමයට පැමිණි සේක.

3. ඒ කාලයෙහි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම විශාල පරිබ්‍රාජක පිරිසක් සමඟ උස්මහත් හඬින්, මහත්සේ නාද කරමින් නොයෙක් පහත් කථා කරමින් සිටියහ.

4. පොට්ඨපාද පරිබ්‍රාජක තෙම එහි පැමිණෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ´´ස්වල්ප ශබ්ද ඇත්තෝ වව්, පින්වත්හු ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙම එයි. ඒ ආයුෂ්මත් තෙම ශබ්දයට නොකැමැත්තේ ශබ්ද නොකිරීමෙහි ගුණ කියන ස්වභාවය ඇතිවූයේ වෙයි´´. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජක තෙම වෙත පැමිණි සේක. එකල්හි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය.

´´ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනා සේක්වා. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම යහපත්ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අපට ප්‍රීතියකි. ස්වාමීණි, මෙහි යම් මේ පැමිණීමක් වී නම් මේ පැමිණීම භාග්‍යවත් තෙම බොහෝ කලකින් කළේය. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස, වැඩ හිඳිනා සේක්වා. මේ ආසනය පනවන ලද්දේය´´ කියායි.

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේද එක් පහත් ආසනයක් ගෙන එක පැත්තක උන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ඇසුවේය. ´´පොට්ඨපාදය, දැන් මෙහි කුමන කථාවකින් යුක්තව උන්නාහුද, කිනම් කථාවක්, කරමින් සිට අතරතුර නැවැත්තුවාහුද?´´

6. මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය. ´´ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව උන්නමෝද, ඒ කථාව තිබුණාවේ. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවත් අසන්නට අපහසු නොවේ. ස්වාමීනි, පසුගිය දවස්වල මෙතෙම කුමක් කියාදැ´´යි අසනු කැමති කථා පවත්නා බවෙන් කොතුහලක නම් වූ ශාලාවක රැස්ව උන්නා වූ නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් අතර ´´පින්වත, කෙසේ (සංඥා නිරොධය) හැඟීම් නැතිවීම වේදැයි´´ සංඥා නිරොධ (හැඟීම නිරුද්ධ වීම) පිළිබඳ කථාවක් පහළ ව්ය.

´´එහි සමහරු මෙසේ කීහු, ´´පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදින්නාහුද, බිඳීයන්නාහුද වෙත්. යම් කලක හැඟීම් උපදින්නාහුද එකල හැඟීම් සහිත වේ. යම් කලක නූපදින්නාහුද එකල හැඟීම් නැත්තෙක් වේ යයි, සමහරු ප්‍රකාශ කෙරෙත්.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. ´´පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. පින්වත, හැඟීම් පුරුෂයාගේ ආත්මය වෙයි. ඒ හැඟීම් ඉවත්වන්නේ ද, පැමිණෙන්නේ ද වෙයි. යම් කලක හැඟීම් ඉවත්වන්නේ ද, එකල හැඟීම් නැත්තේ වෙයි. යම් කලක හැඟීම් පැම්ණෙන්නේ ද, එකල හැඟීම් ඇත්තේ වෙයි.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. මහත් සෘධි ඇති මහත් ආනුභාව ඇති මහණ බමුණෝ ඇත්තාහුය. ඒ මහණ බමුණෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතට ද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත් ද එකල හැඟීම් ඇති වෙයි. යම් කලක ඉවතට අදිත් ද, එකල පුරුෂයා හැඟීම් රහිත වේය.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, මහත් සෘධි ඇත්තා වූ මහානුභාව ඇත්තා වූ දේවතාවෝ ඇත්තාහුය. ඒ දේවතාවෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතට ද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත් ද එකල හැඟීම් ඇති වෙයි. යම් කලක ඉවතට අදිත් ද, එකල පුරුෂයා හැඟීම් රහිත වේ.´´

´´එකල්හි සුගත වූ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්හි ඉතා දක්‍ෂ නොවේදැ´´යි මට භාග්‍යවතුන් වහන්සේ මතක් විය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හැඟීම් නිරොධය කිරීමෙන්ම දන්නා සේක. ස්වාමීනි, කෙසේ නම් හැඟීම් නිරොධය වේදැ´´යි ඇසුවේය.

7. ´´පොට්ඨපාදය, යම් ඒ මහණ බමුණෙක් පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදිත් යයි, නිරුද්ධ වෙත් යයි කියත් නම් ඔවුන් විසින් පළමුකොට අපරාධයක් කරණ ලද්දේය. ඊට හේතු කවරේද? පොට්ඨපාදය, පුරුෂයාගේ හැඟීම් හේතු ප්‍රත්‍යය සහිතවම උපදින්නාහුද නවතින්නාහුද වෙත්. හික්මීමෙන් සමහර හැඟීම් උපදිත්. හික්මීමෙන් සමහර හැඟීම් නවතිත්.´´

´´හික්මීම කුමක්දැයි´´ ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කී සේක.

´´මේ ඵලය ඉහත කී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි. බොහෝ සේ ශ්‍රෙෂ්ඨයි´´ වෙනුවට ´´මෙයද ශික්‍ෂායයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.´´ 

´´පොට්ඨපාදය, නැවතද භික්‍ෂුතෙම හැම ආකාරයෙන් රූප හැඟීම් දුරු වීමෙන් තරහ හැඟීම් දුරු වීමෙන් නොයෙක් හැඟීම් සිහි නොකිරීමෙන් ආකාශය නිමක් නැතැයි සිහි කිරීමෙන් ආකාසානඤ්වායතන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පෙර හැඟීමක් වී නම් ඒ හැඟීම නැති වෙයි. එකල (ආකාසානඤ්වායතන) නිමක් නැත් ආකාශයෙන් ලබන ධන්‍යයෙන් යුක්ත වූ නොසියුම් කරුණු පහකිරීමෙන් සියුම් වූ හැඟීම් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි. මීට භාග්‍යවතුන් වහන්සේ හික්මීමය´´යි වදාළ සේක.

8. පොට්ඨපාදය, නැවත ද, භික්‍ෂුතෙම හැම ආකාරයෙන්ම (ආකාසානඤ්වායතන) නිමක් නැති ආකාශය භාවනා කිරීමෙන් ලබන ලද ධ්‍යානය දුරුකොට එම (ආකාසානඤ්වායතන) හිත භාවනාකොට (විඤ්ඤාණඤ්වායතනය) නිමෙක් නැති විඤ්ඤාණය භාවනා කිරීමෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති ආකාසානඤ්චායතනයන්ගේ යුක්ත වූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම් වූ හැඟීමක් ඇතිවීද, ඒ හැඟීම නැතිවෙයි. එකල විඤ්ඤාණචඤායතනයන්ගේ යුක්ත වූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම් වූ හැඟීමක් ඇතිවෙයි. එකල විඤ්ඤාණචඤායතන ධ්‍යාන සැපයෙන් යුක්ත වූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම් වූ හැඟීමක් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි´´ මීට ද භාග්‍යවතුන් වහන්සේ හික්මීම යයි වදාළ සේක.

9.´´පොට්ඨපාදය, නැවත භික්‍ෂුතෙම හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය දුරුකොට කිසිවක් නැතැයි භාවනා කොට දැන ආකිඤ්ඤාණඤ්චායතන ඒ හිතේ කිසිවක් නැතැයි යන භාවනාවෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති (විඤ්ඤාණඤ්චායතන) ධ්‍යානයෙන් යුක්ත වූ නොසියුම් කොටස් (පහකිරීමෙන්) සියුම් වූ හැඟීමක් ඇතිවීද, ඒ හැඟීම් (නිරුද්ධ වෙයි) නැතිවෙයි, එකල ආකිඤ්ඤාණඤ්චායතනයෙන් යුක්ත වූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම් වූ හැඟීමක් වෙයි. එකල ආකිඤ්ඤාණඤ්චායතන ධ්‍යානයෙන් යුක්ත වූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම් වූ හැඟීම් ඇත්තේම වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැති වෙයි. මීට ද භාග්‍යවතුන් වහන්සේ හික්මීම යයි වදාළ සේක.

10.´´පොට්ඨපාදය, යම් හේතුවකින් මේ ශාසනයෙහි භික්‍ෂුතෙම තමන්ගේ ප්‍රථම ධ්‍යාන හැඟීමෙන් හැඟීම් ඇත්තේ වේද, ප්‍රථම ධ්‍යානයෙන් වෙන්වූ දෙවෙනි ධ්‍යානයෙහිද එයින් වෙන්වූ තුන්වෙනි ධ්‍යානයෙහිදැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැඟීමෙන් හැඟීම් ඇත්තේ වීද පිළිවෙළින් හැඟීම් වල මුදුනට පැමිණෙයි. හැඟීම් මුදුනෙහි සිටි ඔහුට මෙබදු සිතක් ඇති වෙයි. ´´ධ්‍යානයට සමවදින්නා වූ මාගේ සමවැදීම ලාමක වෙයි. සම නොවදින්නා වූ මාගේ ඒ සමනොවැදීම උතුම් වෙයි. මම ධ්‍යානයට සමවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති උපදවන්නේ නම් මේ හැඟීම් නවතින්නාහ. (විනාශ වන්නාහ) අන්‍ය වූ (ඖදාරික භවාංග) හැඟීම් උපදින්නාහුය. මම ධ්‍යානයට සමනොවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නේ නම් යහපතැයි´´ ඔහු සමනොවදී, මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නා වූ ඔහුගේ ඒ ධ්‍යාන හැඟීම්ද නවතිත්, (විනාශ වෙත්) අන්‍ය වූ ද ඖදාරික භවාංග හැඟීම් නූපදිත්. මෙසේ පිළිපදින්නා වූ භික්‍ෂුතෙම හැඟීමෙන් දත යුතු වූ හැඟීම් නිරොධය ලබයි.

´´පොට්ඨපාදය, මෙසේ නුවණ ඇති භික්‍ෂුහුගේ පිළිවෙළින් හැඟීම (සිත) නිරුද්ධ කරන්නාවූ සමාපත්තිය වෙයි´´ වදාළ සේක.

11.´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක්ද? ඔබ විසින් මීට පෙර මෙබඳු වූ නුවණැති භික්‍ෂුහුගේ පිළිවෙළින් හැඟීම් නැති වීමෙහි සමාපත්තියක් ඇසුවේදැ´´යි විචාළ සේක. ´´ස්වාමීනි, නොඇසුවෙමි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එකම ආකිඤ්ඤාණඤ්චායතන හැඟීම් අතුරෙන් කෙළවරට ගිය හැඟීම යයි යම් හැඟීම් පණවන සේක්ද, නොහොත් වෙනත් සමාපත්තීන්හි බොහෝ වූ මුදුන් පැමිණි හැඟීම් පනවනසේක්දැ´´යි ඇසුවේය.

´´පොට්ඨපාදය, මම මුදුන් පැමිණි හැඟීම් එකක් ද පනවමි බොහෝ වූ මුදුන් පැමිණි හැඟීම් ද පනවමියි´´ වදාළ සේක.

´´ස්වාමීනි, භාග්‍යවත් තෙමෙ කෙසේ එය පනවන සේක්දැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, පෘථිවි කසිණාදීන් අතුරෙන් යම් යම් කසිණයකින් හෝ ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් යම් යම් ධ්‍යානයකින් හෝ චිත්ත චෛතසිකයන්ගේ නැවතීමට පැමිණේ ද, ඒ ඒ කසිණයකින් හෝ ඒ ඒ ධ්‍යානයකින්මම මුදුන් පැමිණි හැඟීම් පනවමි. පොට්ඨපාදය, මම එසේ එක් මුදුන්පත් හැඟීමක් ද බොහෝ වූ මුදුන්පත් හැඟීම් ද පනවමියි´´ වදාළ සේක.

12.´´ස්වාමීනි, චිත්ත චෛතසික නවත්වා එයින් නැඟිටින භික්‍ෂුවට අරහත්ඵල සිත පළමුව උපදීද, පසුව ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීද, නොහොත් අරහත්ඵල සිත හා ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය එකවිට උපදීදැයි´´ විචාළේය.

´´පොට්ඨපාදය, අරහත්ඵල සිත පළමුව උපදියි. ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය පසුව උපදියි. අරහත්ඵල සිත ඉපදීමෙන් පසු ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීම වෙයි. අරහත්ඵල සමාධි සිත හෙතුකොට ගෙන මාගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදින්නෙයයි ඒ භික්‍ෂුතෙම දනියි. අරහත්ඵල සමාධි හැගීම් ඉපදීමෙන් ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීම වෙයි. මෙසේ මෙසේ මේ ක්‍රමයෙන් මෙය දත යුතුයයි´´ වදාළ සේක.

13.´´ස්වාමීනි, හැඟීම් පුරුෂයාගේ ආත්ම වේද නොහොත් හැඟීම් අනිකක් වේද, ආත්මය අනිකක් වේදැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, නුඹ කුමක් නම් ආත්ම යයි සළකන්නේහිදැයි?´´ ඇසු සේක.

´´ස්වාමීනි, මම මහත් වූ සතර මහා භූතයන්ගෙන් උපන්නා වූ ආහාර ගන්නා වූ මේ කය ආත්මයයයි සලකමි´´යි කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කල නුඹට හැඟීම අනිකක් වන්නේය. ආත්මය අනිකක් වන්නේය. ´´පොට්ඨපාදය, යම්සේ හැඟීම් අනිකක් වන්නේ ද, ආත්මය අනිකක් වන්නේ ද මේ ක්‍රමයෙන් ඒ මේ කාරණය දැනගත යුතුයි. පොට්ඨපාදය, මේ මහත් වූ සතර මහා භූතයන්ගෙන් උපන්නා වූ ආහාර ගන්නා වූ ඒ මේ ආත්මය නවතීවා.

´´එසේ කල මේ පුරුෂයාට වෙනත් හැඟීම් උපදිත්, වෙනත් හැඟීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැඟීම් අනිකක්ම වන්නේ ද, ආත්මය අනිකක්ම වන්නේ ද, මෙසේ මේ ක්‍රමයෙන් මේ කාරණය දත යුතුයයි´´ වදාළ සේක.

14.´´ස්වාමීනි, මම ආත්මය සියළු අංග කොටස් ඇත්තා වූ ඉඳුරන්ගෙන් නොපිරිහුනා වූ හිතෙන් හටගත් දෙයකැයි දැන ගතිමියි´´ කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කලත් ඔබට හැඟීම අනිකක් වන්නේය ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැඟීම් අනිකෙක්ම වන්නේ ද, ආත්මය අනිකෙක්ම වන්නේ ද මෙසේ මේ ක්‍රමයෙන් ද ඒ මේ කාරණය දැනගත යුතුය. පොට්ඨපාදය, ඒ මේ ආත්මය සියළු අංග කොටස් ඇත්තා වූ ඉඳුරන්ගෙන් නොපිරිහුනා වූ හිතින් කරන ලද්දේය යනු තිබුනාවේ. එකල මේ පුරුෂයා හට අන්‍ය වූ හැඟීම් උපදිත්, අන්‍ය වූ හැඟීම් නැතිවෙත්ය´´යි වදාළ සේක.

15.´´ස්වාමීනි, මම ආත්මය රූපයක් නැති හැඟීම යයි දනිමි´´යි කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කලද ඔබට හැඟීම අනිකක් වන්නේය, ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැඟීම අනිකක්ම වන්නේ ද, ආත්මය අනිකක්ම වන්නේ ද මෙසේ මේ ක්‍රමයෙන් ද, ඒ මේ කාරණය දත යුතුය. පොට්ඨපාදය, ආත්ම රූප නැති හැගීම්ය යනු තිබුනාවේ. එසේ ඇති කල මේ පුරුෂයාට අන්‍යවූ හැඟීම් උපදිත්, අන්‍යවූ හැඟීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැඟීම අනිකෙක්ම වන්නේ ද, ආත්මය අනිකෙක්ම වන්නේ ද මෙසේ මේ ක්‍රමයෙන් ද ඒ මේ කාරණය දැනගත යුතුයයි´´ වදාළ සේක.

16.´´ස්වාමීනි, හැඟීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැඟීම අනිකක්මය, ආත්මය අනිකක්දැයි කියා හෝ මා විසින් දැනගත හැක්කේදැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, ඔබ විසින් හැඟීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැඟීම අනිකෙක ආත්මය අනිකක්දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේ යයි´´ වදාළ සේක.

17.´´ස්වාමීනි, හැඟීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැඟීම අනිකෙක ආත්මය අනිකක්දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේ වේ නම්, කිමෙක්ද ස්වාමීනි, ලෝකය සදාකාලික යන මේ කීමම සත්‍ය ද සදාකාලික නොවේ යයි යන අනික් කීම අසත්‍යදැ´´යි ඇසුවේය.

´´පොට්ඨපාදය, ලෝකය සදාකාලික යන මේ කීමම සත්‍යය සදාකාලික නොවේ යයි යන අනික් කීම අසත්‍ය යයි මා විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය සදාකාලික ලෝකය සදාකාලික නොවේ යයි යන මේ කීමම සත්‍යය, සදාකාලිකය යන අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය කෙළවරක් ඇත්තේය යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය කෙළවරක් නැත්තේය යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´.

´´පොට්ඨපාදය, සත්වයා මරණින් මතු උපදින්නේ නොවෙයි, නූපදින්නේ නොවෙයි යන මේ කීමම සත්‍යය, අනික් කීම අසත්‍යය යන මේ ද මා විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´ යයි වදාළසේක.

18.´´ස්වාමීනි, කවර කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාරණය ප්‍රකාශ නොකළ සේක්දැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, මේ ලෝකය සදාකාලිකය යන (දැක්ම) ඇදහීම තමාට හෝ අනුන්ට යහපත් සහිත නොවෙයි. ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීමේ සුළු කොටසක්වත් නොවෙයි, සංසාරයෙහි කලකිරීම පිණිස නොවෙයි, නොඇලීම පිණිස නොවෙයි, නිදහස් වීම පිණිස නොවෙයි, සංසිඳුවීම පිණිස නොවෙයි, විශේෂයෙන් දැන ගැනීම පිණිස නොවෙයි, අවබෝධය පිණිස නොවෙයි, නිවන් අත්කර ගැනීම පිණිස නොවෙයි, එබැවින් ඒ මා විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´යි වදාළසේක.

19.´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කූමක් ප්‍රකාශ කරන ලද්දේදැ´´යි විචාළසේක. 

´´පොට්ඨපාදය, මා විසින් දුක මේ යයි, දුක් ඇතිවීමට හේතු මේ යයි, දුක් නැති කිරීම මේ යයි, දුක් නැති කිරීමට පමුණුවන්නා වූ පිළිපැදීම (මාර්ගය) මේ යයි ප්‍රකාශ කරන ලද්දේය´´යි වදාළසේක.

20.´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුමක් නිසා ප්‍රකාශ කරන ලද්දේදැ´´යි ඇසුවේය.

´´මෙය තමන්ට යහපත සහිත වෙයි. ලෝකයෙන් එතෙර වන ධර්ම නවය සහිත වෙයි ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීම වෙයි, සංසාරයට කලකිරීම පිණිස පවතියි, එහි නොඇලීම නිදහස් වීම, සංසිඳුවීම, විශේෂයෙන් දැන ගැනීම, අවබෝධය, නිවන් අත්කර ගැනීම පිණිස පවතී. එබැවින් මා විසින් මෙය ප්‍රකාශ කරන ලද්දේය´´යි වදාළසේක.

´´භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය, සුගතයන් වහන්ස, ඒ එසේය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට කැමැත්තේ නම් දැන් ඊට කාලයයි´´ කීයේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ හුන් ආසනයෙන් නැඟිට වැඩිසේක.

21. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ කලකින් ඒ පරිබ්‍රාජකයෝ පොට්ඨපාද පරිබ්‍රාජකයාට වචන නැමැති කෙවිටි වලින් ඇන්නෝය.

පොට්ඨපාද පරිබ්‍රාජක තෙම ඒ පරිබ්‍රාජකයන්ට මේ කාරණය දැන්වීය.

´´පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දේශනා කරන ලද්දා වූ කිසි ධර්මයක් මම ද නොදනිමි, එසේ වුවත් ශ්‍රමණ ගෞතම තෙම ස්වභාවයෙන් පැහැදිලි වූ ද, සත්‍ය වූ ද, ලෝකයෙන් එතෙරවන ධර්ම නවයෙහි (නව ලෝකොත්තර ධර්මයෙහි) පිහිටියා වූ ද, ස්ථිර වූ මාර්ගයක් පනවයි. ස්වභාවයෙන් පැහැදිලි වූ සත්‍ය වූ ලෝකයෙන් එතෙර වූ ධර්මහි පිහිටියා වූ ස්ථිර වූ මාර්ගයක් පනවන්නා වූ ශ්‍රමණ ගෞතමයන් විසින් යහපත පිණිස කියන ලද ධර්මය මා වැනි නුවණැත්තෙක් යහපත පිණිස කියන ලදක් වශයෙන් කෙසේ නම් සතුටු නොවෙම්දැයි´´ කීයේය.

22. එවිට දෙතුන් දවසක් පසු වූ කල ඇතුන් බලන්නාගේ පුත්‍ර වූ චිත්‍ර ද, පාට්ඨපාද පරිබ්‍රාජකයා ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, චිත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පැත්තකට වී උන්නේය. පාට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු විය යුතු වූ සිහිකටයුතු වූ කතාව කොට එක පැත්තකට වී උන්නා වූ පාට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය.

´´ස්වාමීනි එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් ඒ පරිබ්‍රාජකයෝ මට වචන නමැති කෙවිටි වලින් ඇන්නෝය´´.

´´පොට්ඨපාදය, මේ සියළු පරිබ්‍රාජකයෝ නුවණ ඇස් නැති අන්ධයෝය. එහෙයින් ඇස් නැත්තෝය. ඔවුන් අතුරෙන් ඔබම (සුභාෂිතය) යහපත පිණිස කියන ලද්ද, (දුර්භාෂිතය) යහපත පිණිස නොවන කියමන දන්නා වූ එකම ඇස් ඇත්තෙහිය. පොට්ඨපාදය, මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා කරන ලද්දා වූ පනවන ලද්දා වූ ධර්මයෝ දවෙත්. මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරන ලද්දාවූ නොපනවන ලද්දා වූ ධර්මයෝ ද වෙත්.

´´පොට්ඨපාදය, කවර කාරණයකින් ඒ ධර්මය මා විසින් ඒකාන්ත කොට (ස්ථිරව) දේශනා නොකරන ලද්දේ ද, නොපනවන ලද්දේ ද, පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේ යහපත උදෙසා හෝ අනුන්ගේ යහපත උදෙසා යුක්ත නොවෙත්. උසස් හැසිරීමෙන් යුක්ත නොවෙත්. සංසාරයට කලකිරීම, එහි නොඇල්ම, එයින් නිදහස් වීම, එය සංසිඳුවීම, පැහැදිලි කරගැනීම, අවබෝධ කරගැනීම පිණිස නොවෙත්. නිවන් ලැබීම පිණිස නොවෙත්. එබැවින් මා විසින් ඒ ධර්ම ඒකාන්ත (ස්ථිර) කොට දේශනා නොකලා වූ නොපනවන ලද්දාහු වෙත්.

´´පොට්ඨපාදය, මා විසින් දුක මෙයයි ස්ථිර කොට ධර්මය දේශනා කරන ලද්දේ පනවන ලද්දේ වෙයි. දුක හට ගැනීම මෙයයි, දුක නැති කිරීම මෙයයි, දුක් නැති කිරීමට මාර්ගය මෙයයි, දුක් නැති කිරීමේ පළිපැදීම මෙයයි ස්ථිර කොට මා විසින් ධර්මය දේශනා කරන ලද්දේ පනවන ලද්දේ වෙයි.

´´පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වෙත් මේ ධර්ම උතුම් ධර්මයෙන් යුක්ත වෙත්. මේ (බ්‍රහ්මචර්යාව) යතුම හැසිරීමෙන් යුක්ත වෙත්. මේ සංසාරයෙහි කලකිරීම පිණිස ද, නොඇල්ම පිණිස ද, සංසිඳීම පිණිස ද,විශේෂයෙන් දැන ගැනීම පිණිස ද,අවබෝධය පිණිස ද, නිවන් ලැබීම පිණිස ද, පවතිත්. පොට්ඨපාදය, එබැවින් මා විසින් ඒ ධර්ම ස්ථිරකොට දේශනා කරන ලද්දාහු පනවන ලද්දාහු වෙත්.

23.´´පොට්ඨපාදය, ආත්මය වෙනස් නොව සදාකාලික වූ සැප ඇති, මරණින් මතු සදාකාලික වේය යන මත ඇති සමහර මහණ බමුණෝ වෙත්. මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. ´´ආයුෂ්මතුනි, ඔබලා ඇත්තෙන්ම සැප ඇති ලෝකය නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර ආදී දිසාවන්හි හෝ වේ දැයි දන්නාහු දක්නාහු වෙසෙත් දැයි මෙසේ අසන ලද්දාහු ´´නොදක්නෙමු´´ යයි කියත් ඔවුන්ට මම මෙසේ කියමි ආයුෂ්මතුනි, එක් රැයක් මුලුල්ලේ හෝ එක් දවාලක් මුලුල්ලේ හෝ රෑ භාගයක් මුළුල්ලේ හෝ එක් දවල් භාගයක් මුළුල්ලේ හෝ ඒකාන්ත සැප ඇති ආත්මයක් ඔබලා දනිව් දැයි මෙසේ අසන ලද්දාහු ´´නොදනිමු යයි කියත්ද ඔවුන්ට මම මෙසේ කියමි ´´ආයුෂ්මතුනි, කිමෙක්ද? ඒකාන්ත සැප ඇති ලෝකය අවබෝධ කරගැනීමට මාර්ගය මේය, පැවතුම් පිළිවෙල මේ යයි ඔබලා දනිත් දැයි ´´ මෙසේ අසන ලද්දෝ ´´නොදනිමුයයි´´ කියත්. ඔවුන්ට මම මෙසේ කියමි ´´ආයුෂ්මතුනි, යම් ඒ දේවතාවෝ ඒකාන්ත සැප ඇති ලෝකයෙහි උපන්නාහු දුක් නැත්තානනි, ඒකාන්ත සැප ඇති ලෝකය අවබෝධ කරණු පිණිස පිළපදින්නාහුවව්, අවංක පිළපදින්නාහුවව්, දුක් නැත්තානනි, අපි එසේ පිළපදින්නාහු ඒකාන්ත සැප ඇති ලෝකයෙහි උපන්නෙමු යයි කියන්නාවූ ඒ දේවතාවන්ගේ ශබ්දය අසව් දැයි´´ මෙසේ අසන ලද්දා වූ ´´ඒ ශබ්දයක් නොඇසූවෙමු´´ යයි කියත්.

24.´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේද? මෙසේ ඇති කල ඒ මහණ බමුණෝ නැතැයි කීමෙන් උත්තර නැති බවට පැමිණෙන්නෝ නොවෙත්දැයි´´ ඇසූ සේක.

´´ස්වාමීනි, එසේවූ කල ඒ බමුණන්ගේ නැතැයි කීමේන් උත්තර නැති බවට ඒකාන්තයෙන් පැමිණෙත්මය´´යි කීයේය.

´´පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, මේ ජනපදයෙහි යම් ස්ත්‍රියක් ඉතා රූප ලක්‍ෂණ වේ ද මම ඈ ඕනෑ කරමි, කැමති වෙමි´´යි ඔහුට මෙසේ කියන්නාහුය. ´´ඔබ කියන ලද ඔතා ලක්‍ෂණ ඇති ඒ ජනපද කළ්‍යාණිය ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි හෝ වෙළඳ කුලයෙහි හෝ ක්‍ෂුද්‍ර කුලයෙහි හෝ කියා දන්නේදැයි´´ ඇසූ කල ඔහු ´´නොදනිමි´´ කියයි. ඒ මේ පුරුෂයා හට මෙසේ කියන්නාහු, ´´පුරුෂය, ඒ ජනපද කළ්‍යාණි මේ නම් ඇත්තීය, මේ ගෝත්‍ර ඇත්තීය කියා හෝ උස් හෝ මිටිය හෝ මධ්‍යමය කියා හෝ කලුය හෝ රන්වන්ය හෝ දුඹුරුවන්ය හෝ නියම් ගමෙහි හෝ නුවරෙහි හෝ කියා දනනෙහිදැ´´යි මෙසේ අසන ලද්දේ ´´නොදනිමි´´යි කියන්නේය. ඒ මේ අයට මෙසේ කියන්නාහුය. ´´පුරුෂය, ඔබ යම් ස්ත්‍රියක් නොදනනෙහිදැ´´යි මෙසේ ඇසූ කල ´´එසේය´´යි කියන්නේය.පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේද? මෙසේ ඇති කල ඒ පුරුෂයාගෙ කීම උත්තර නැති බවට පැමිණෙ නොවේදැයි´´ ඇසූ සේක.

´´ස්වාමීනි, එසේ ඇති කල ඒ පුරුෂයාගෙ කීම ඇත්තෙන්ම උත්තර නැති බවට පැමිණේමය´´යි කීයේය.

25.´´පොට්ඨපාදය, කාම භවයෙහි රූප භවයෙහි අරූප භවයෙහි ආත්ම භාවයක් ලැබීම් තුනක් වෙත්. රූප සහිත වූ සතර මහා භූතයන්ගෙන් උපන්නා වූ කන බොන ආහාර ගන්නා වූ ආත්මයක් ලැබීමත් වේද, මෙය කාම භාවයෙහි ආත්ම ලැබීම වේ. රූපී වූ සිතින් උපන්නා වූ සියලු අංග කොටස් ඇත්තා වූ යම් ආත්මයක් ලැබීමක් වේද, මෙය රූපභවයෙහි ආත්ම ලැබීම වෙයි. අරූපී වූ හැඟීමෙන් උපන්නා වූ ආත්ම ලැබීමක් වේද, මෙය අරූප වූ ආත්ම ලැබීමක් වේද, මෙය අරූප වූ ඇත්ම ලැබීම වේ.

26.´´පොට්ඨපාදය, මම කාම භවයෙහි රූප භවයෙහි අරූප භවයෙහි ආත්ම භාවයක් ලැබීම් නැති කිරීම පිණිස ධර්ම දේශනා කරමි. යම් පිළිපැද්දා වූ තොපගේ ක්ලේශ ධර්ම පහවන්නාහු ද, ශමත විදර්ශනා ධ්‍යාන නම් සිත පිරිසිදු කරන්නා වූ, ධර්ම වැඩෙන්නාහු ද, මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීම ද, මහත් භාවය ද, මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන පැමිණ අවබෝධ කොට වාසය කරන්නාහු යයි, පොට්ඨපාදය, ක්ලේශ සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නා වූ ධර්මයෝ වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීම ද, මහත් භාවය ද, මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේ ද ඔහුගේ වාසය කිරීම දුක් යයි ඔබට මෙබඳු කල්පනාවක් වන්නේ ද, මේ කාරණය එසේ නොදත යුතුය. කෙලෙස් සහිත ධර්ම පහවන්නාහු ද සිත පිරිසිදු කරන්නා වූ ධර්ම වැඩෙන්නාහු ද මාර්ගපල ප්‍රඥාවන්ගේ වැඩීම ද මහත් භාවයද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේ නම් මහත් සන්තෝසය ද ප්‍රීතියද සිත හා ශරීරයේ සංසිඳීම ද යහපත්ව පිහිටි සිහිය ද සියළු වාසය කිරීම් අතුරෙන් සැප වූ වාසය කිරීමක් ද වන්නේය.

27.´´පොට්ඨපාදය, යම්සේ පිළිපදිනනා වූ ඔබගේ ක්ලේස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නා වූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥා වැඩීමද මේ ආත්මයෙහි තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේ වේද මම රූප භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දේශනා කරමි.

28.´´පොට්ඨපාදය, ´´යම්සේ පිළිපදින්නා වූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූ ද සිත පිරිසිදු කරන්නා වූ ධර්ම වැඩෙන්නාවූ ද මාර්ගපල ප්‍රඥා පිරීම ද මහත් භාවය ද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්´´ යයි යම් කාම භවයෙහි ආත්ම ලැබීම පහකිරීම ඔබ වහන්සේ ධර්ම දේශනා කරන සේක් ද, ඇවැත්නි, කාම භවයෙහි රූප භවයෙහි අරූප භවයෙහි ආත්ම ලැබීම කවරේදැයි´´ ඉදින් අන්‍යයෝ අපගෙන් මෙසේ අසන කල එසේ අසන ලද්දා වූ අපි ´´යම්සේ පිළිපදින්නා වූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නා වූ, සිත පිරිසිදු කරන්නා වූ ධර්ම වැඩෙන්නා වූ ද මාර්ගපල ප්‍රඥා පිරීම ද, මහත් භාවය ද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව් යයි මෙසේ කාම භවයෙහි රූප භවයෙහි අරූප භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස අපි ධර්ම දේශනා කරමුද , ´´ඇවැත්නි, ඒ ආත්ම ලැබීම මේ හෝ වේයයි´´ ප්‍රකාශ කරන්නෙමු.

´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේ ඇති කල මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේදැයි´´ කීසේක.

´´ස්වාමීනි, එසේ ඇති කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණේමයයි කීයේය.

29.´´පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රසාදයකට නඟිනු පිණිස ඒ ප්‍රසාදය යට ඉණිමඟක් කරනනේය ඒ මේ පුරුෂයා හට ´´පුරුෂය, ඔබ යම් ප්‍රසාදයකට නඟිනු පිණිස ඉණිමඟක කරන්නේහි ද, ඒ ප්‍රසාදය උස ද, මිටි ද, මධ්‍යම ද දන්නේහිදැයි´´ අසන ලද්දේ ´´දනිමි´´ කියන්නාහු ද, ´´ඇවැත්නි, යම් ප්‍රසාදයකට නඟිනු පිණිස ඒ ප්‍රසාදයෙහිම යට ඉණිමඟක් කෙරෙම් ද ඒ මේ ප්‍රසාදයයි´´ ඉඳින් ඔහු මෙසේ කියනනේ ද, පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ නොවේදැ´´යි ඇසුවේය.

´´ස්වාමිනී, මෙසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ මයයි´´ කීයේය.

30.´´පොට්ඨපාදය, එසේම ඉඳින් අපේන් මෙසේ අසන්නාහුද, ´´ඇවැත්නි, යම්සේ පිළිපදින්නා වූ ඔබගේ සිත කිලිටු කරන්නා වූ ධර්ම පහවන්නාහු ද, මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීම ද මහත් බව ද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරව් යයි ඔබවහන්සේ යම් ආත්ම ලැබීමක් පහකිරීම පිණිස ධර්ම දේශනා කරණ සේක් ද, ඇවැත්නි, ඒ කාම භවයෙහි රූප භවයෙහි, අරූප භවයෙහි ආත්ම ලැබීම කවරේදැ? එසේ අසන ලද්දා වූ අපි යම්සේ පිළිපදින්නා වූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නා වූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරව් යයි යම් කාම භවයෙක්හි රූප භවයෙක්හි අරූප භවයෙක්හි ආත්ම ලැබීමක් දුරුකිරීම පිණිස අපි ධර්ම දේශනා කරමුද, ඇවැත්නි, ඒ කාම භවයෙහි රූප භවහෙි අරූප භවයෙහි ආත්ම ලැබීම මේ යයි ඔවුන්ට අපි ප්‍රකාශ කරන්නෙමු. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේවූ මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේදැයි´´ ඇසූ සේක.

´´ස්වාමිනී, එසේවූ කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට ඒකාන්තයෙන්ම පැමිණෙන්නේ යයි´´ කීයේය.

31. මෙසේ කී කල ඇතුන් හික්මවන්නාගේ පුත්‍ර වූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල ඔහුට රූප භවයෙහි හෝ අරූප භවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි´´. ´´ස්වාමිනී, යම් කලක රූප භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාම භවයෙහි හෝ අරූප වූ ආත්ම ලැබීමක් නැත්තේය. ස්වාමිනී, යම් කලක අරූප වූ ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාම භවයෙහි හෝ රූප භවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි.´´

32.´´චිත්‍රය, යම් කලෙක කාම භවයෙහි ආත්ම ලැබීම් වේද, එකල රූප භවයෙහි හෝ අරූප වූ ආත්මභාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, යම් කලක රූප භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි හෝ අරූප ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, යම් කලක අරූප වූ ආත්ම ලැබීමක් වේද, එකල කාම භවයෙහි හෝ රූප භවයෙහි ආත්මක් ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, ඉදින් ඔබගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ අතීත කාලයේ වූයෙහිද නුවූයේ නොවෙහිද, ඔබ මතු කාලයෙහි නොවන්නෙහි ද, ඔබ නොවෙන්නේ නොවෙන්නෙහි ද, ඔබ දැන් ඇත්තෙහි ද, නැත්තේ නොවෙහිදැ´´යි චිත්‍රය,මෙසේ අසන ලද්දා වූ ඔබ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?´´

´´ස්වාමිනී, මෙසේ අසන ලද්දා වූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. ´´මම අතීත කාලයෙහි වීමි. මම නුවූයේ නොවෙමි. මම අනාගතයෙහි වන්නෙමි. මම නොවන්නේ නොවෙමි. මම දැන් ඇත්තේ වෙමි. මම නැත්තේ නොවෙමි.´´

33.´´චිත්‍රය, ඔබගෙන් මෙසේ අසන්නාහු නම්, ´´ඔබගේ යම් අතීත ආත්මයක් ලැබීමක් වූයේද එයම ඔබට ඇත්තේ නොවේද? එකල අනාගත ආත්මය නැත්තේ නොවේද, වර්තමාන (දැන් පවත්නා) ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් අනාගත ආත්මයක් වන්නේ නම්, එයම ඔබට ඇත්තේ නොවේද? අතීත ආත්මය නැත්තේ නොවේද? වර්තමාන ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් වර්තමාන ආත්මයක් වේද? එයම ඔබ ඇත්තේ නොවේද? අතීත ආත්මයක් නැත්තේ නොවේද? අනාගත ආත්මයක් නැත්තේ නොවෙදැ´´යි ඇසීය.

´´ස්වාමිනී, එසේ අසන ලද්දා වූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි, ´´මාගේ මේ අතීත වූ ආත්මය ලැබීමක් වීද, මාගේ ඒ ආත්මය ලැබීම ඒ කාලයෙහි ඇත්තේම විය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීමක් නොවන්නේය.

දැන් කාලය ඒ ආත්මය ලැබී නැත්තේය. මාගේ යම් අනාගත වූ ආත්ම ලැබීමක් වන්නේ ද, ඒ මාගේ අනාගත ආත්මය ඒ කාලයේ වන්නේය. අතීතයෙහි ඒ අනාගත ආත්ම ලැබීම නැත්තේය. දැන් කාලයෙහි ද ඒ ආත්මය ලැබීම නැත්තේය. මගේ යම් දැන් මේ කාලයේ ආත්ම ලැබීමක් වේද, ඒ මාගේ ආත්ම ලැබීම දැන් මේ කාලයෙහි වේ. අතීතයෙහි ඒ ආත්ම ලැබීම නැත්තේය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීම නොවන්නේයයි,´´ ස්වාමිනී, මෙසේ අසන ලද්දා වූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි´´යි කියේය.

34.´´චිත්‍රය, එසේම යම් කලක කාම භවයෙහි ආත්ම ලැබීමක් වේද එකල රූපයෙහි ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි, අරූප වූ ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. එකල කාම භවයෙහි ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි. එසේම රූප භවයෙහිද අරූප භවයෙහිද වෙයි.

35.´´චිත්‍රය, එමෙන්ම යම් කලක කාම භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල රූපභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි, අරූප වූ ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි. එකල කාම භවයෙහි ආත්ම කොටසටම පැමිණෙයි එසේම රූප භවයෙහි හෝ අරූප වූ ආත්ම ලැබීමෙහි වේ චිත්‍රය, යම් නාමයන් තථාගත තෙම ව්‍යවහාර කෙරේද, ලෝභ (දෘෂ්ඨි) ඇදහීම් වශයෙන් නොගනී ද, මේ ´´කාමභවයෙහි ආත්ම ලැබීම´´ යන නාම ලෝකයාගේ නාම වෙත්, ලෝකයාගේ වචන වෙත්, ලෝක ව්‍යවහාර වෙත්. ලෝකයාගේ පැනවීම් වෙත් යයි´´ කී සේක. ´´චිත්‍රය, ´´රූප භවයෙහි ආත්ම ලැබීමද අරූප ආත්ම ලැබීමද එසේම වෙත්.´´

36. මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´ස්වාමිනී, ධර්ම දේශනාව ඉතා යහපති, ස්වාමිනී ධර්ම දේශනාව ඉතා යහපති, ස්වාමිනී, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මය ද භික්‍ෂු සංඝයා ද සරණ යමි. භාග්‍යවත් තෙම මා අද පටන් පණ ඇති තෙක් සරණ ගියා වූ උපාසකයෙකැයි දරාගන්නා සේක්වා´´.

37. ඇතුන් හික්මවන්නාගේ පුත්‍ර වූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´ස්වාමිනී, ධර්ම දේශනාව ඉතා යහපති, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මයද භික්‍ෂු සංඝයා ද සරණ යමි. ස්වාමිනී, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාව ද ලබන්නෙමි.

38. ඔහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාව ද ලැබූයේය. මෑත උපසම්පදා වූ ඔහු සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීර්යය ඇතුව ආත්ම ආලය දුරුකර වාසය කරමින් කුල පුත්‍රයෝ (යහපත් ගති ඇත්තෝ) යමක් සඳහා හොඳින් ගිහිගෙයින් ගොස් ශාසනයෙහි මහණ වෙත්ද, ඒ උතුම් වූ මාර්ග බ්‍රහ්මචර්යාව අවසන් කොට ඇත්තා වූ නිවණ මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කළේය. උත්පත්තිය නැතිවීය, මාර්ග බ්‍රහ්මචර්යාව වැඩ නිමවන ලද්දේය. කටයුතු කොට නිමවන ලද්දේය. මේ ස්කන්ධ සන්තානය පිණිස අනිකක් නැතැයි දන්නේය. ඔහු රහතුන් අතුරෙන් එක් රහත් නමක් වූයේය.

නමවෙනි වූ පොට්ඨපාද සූත්‍රය නිමියේය.

චූල සකුළුදායී සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වැසූහ.

එකල්හි වනාහි සකුළුදායී නම් පරිව්‍රාජක තෙම මෝර නිවාප නම්වූ පරිබ්‍රාජකාරාමයෙහි මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පෙරෙවා පා සිව්රු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පැමිණියෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. තවම රජගහනුවරට පිඬු පිණිස පැමිණෙන්ට ඉතා උදෑසනවේ. ´මම මෝර නිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද, සකුළුදායී නම් පරිව්‍රාජක තෙම යම් තැනකද, එහි එළඹෙන්නෙම් නම් යෙහෙක´ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝර නිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද, එතැනට පැමිණියෝය. එකල්හි වනාහි සකුළුදායී නම් පරිබ්‍රාජක තෙම උස් හඬින් හා මහත්වූ හඬින් ාේෂා කරමින් නොයෙක් තිරිසන් කථා කියන්නාවූ පරිබ්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්Ȁdධ ගැන කථාය, ආහාර ගැන කථාය, බීම ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයන ගැන කථාය, මාලා ගැන කථාය, ගන්‍ධ ගැන කථාය, නෑයන් ගැන කථාය, යානා ගැන කථාය, ගම් ගැන කථාය, මහගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, සූරයන් ගැන කථාය, වීථි ගැන කථාය, දිය ගන්නා තැන් ගැන කථාය, මළවුන් ගැන කථාය, නොයෙක් නොයෙක් කථාය, ලොකය ගැන කථාය, සමුද්‍රය ගැන කථාය, පිරිහීම නොපිරිහීම ගැන කථාය යන මේයි. සකුළුදායී පරිව්‍රාජක තෙම දුරදීම එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක තම පිරිස තැන්පත් කෙළේය. ´පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්. මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙම වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේ නිශ්ශබ්ද වූ වහුගේ ගුණ කියන්නේ වේ. නිශ්ශබ්දවූ පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතුයයි හැඟෙන්නේනම් ඉතා යෙහෙකැයි,´ (පිරිස සන්සුන් කෙළේය.) ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායී පරිව්‍රාජක තෙම යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි සකුළුදායී පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම යහපත්ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මේ ආකාරය කළසේක. එනම් මෙහි වැඩම වීමෙනි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා සේක්වා, මේ ආසනය පණවන ලදැ´ යි කීය. භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩ හුන් සේක. සකුළුදායී පරිබ්‍රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාම වූ සකුළුදායී පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.

2. ´´උදායීය, දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද, තොපගේ කිනම් කථාවක් අඩාල වූවාද,´´ යනුයි. ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමුද, ඒ කථාව තිබේවා. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. ස්වාමීනි, මම යම් කලෙක මේ පිරිසට නොපැමිණියෙම්ද, එකල්හි මේ පිරිස නොයෙක් ආකාර තිරිසන් කථා කියමින් හුන්නීය. ස්වාමීනි, යම් කලෙකින් මම මේ පිරිසට පැමිණියෙම්ද, එකල්හි මේ පිරිස මාගේ මුහුණම බලමින්, ´උදායීය, ශ්‍රමණ තෙම අපට යමක් කියන්නේද, අපි එය අසන්නෙමු´ යි හුන්නීවෙයි. ස්වාමීනි, යම් කලක භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට පැමිණියේ වේද, එකල්හි මමද මේ පිරිසද භාග්‍යවතුන් වහන්සේගේම මුහුණ බලමින් භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්‍මයක් දේශනා කරන්නේද, අපි එය අසන්නෙමුයි හුන්නෝ වෙමු´´ යි කීය.

3. ´´උදායීය, එසේ වී නම් යම් සේ වට ධර්‍ම දේශනාවට කරුණුකර ගැනීම සඳහා තොපිම එක් කාරණයක් ප්‍රකාශ කරව්.´´ ´´ස්වාමීනි, ඊයේ පෙරේදා පළමුදා දවස්වල සර්‍වඥය, සියල්ල දක්නේය, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිරවශේෂ (ඉතිරි නැති) නුවණින් දැකීම ප්‍රකාශ කරන්නෙක් වීද, මා විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් අසන ලද්දාවූ හෙතෙම අනිකකින් අනිකක් වසා කීයේය. කථාව පිටතට හැරවීය. කෝපයද, ෙවෂයද, නොසතුටු බවද පහළ කෙළේය. ස්වාමීනි, මට ඒ භාග්‍යවතුන් වහන්සේම අරබයා ප්‍රීතිය පහළ වූයේය. යමෙක් මේ ධර්‍මයෙහි දක්‍ෂවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතා යහපත ඒ සුගතයන් වහන්සේ ඉතා යහපතැයි, උදායීය, මේ කවරෙක් වනාහි සර්‍වඥය, සියල්ල දක්නේය, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිරවශේෂ ඥාන දර්‍ශනයක් ප්‍රකාශ කරන්නේ වීද, තොප විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් විචාරන ලද්දේම අනිකකින් අනිකක් වසා කීයේ. කථාව බැහැර කෙළේ, කෝපයද, ෙවෂයද, නොසතුටද පහළ කෙළේ කවරෙක්ද?.´´ ´´ස්වාමීනි, නිගණ්ඨ නාත පුත්‍ර තෙමේය´´. ´´උදායීය, යමෙක් වනාහි අනෙකප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නේද, එනම්, ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙක්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි, අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්. මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙම´ි යි, මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ සිහි කරන්නේද, හෙතෙම මාගෙන් අතීතය අරභයා ප්‍රශ්න අසන්නේ නම් මම පූර්‍ව කෙළවර අරබයා ඔහුගෙන්ද ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම පූර්‍ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් මාගේ සිත සතුටු කරන්නේ නම් මමද පූර්‍ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නේනම් උදායීය, යමෙක් වනාහි පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, සත්‍වයන් දකින්නේද මේ පින්වත් සත්‍වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන් දොස් කියන්නෝ වූහ. මිත්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිත්‍යා දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ, නරකයෙහි උපන්නාහුය. හෙවත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට දොස් නොකියන්නාහු. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්‍වයන් දකින්නේද, පහත්වූද, උසස්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්‍වයන් දැන ගන්නේද, හෙතෙම අනාගතය අරභයා මගෙන් ප්‍රශ්න අසන්නේනම් මමද අනාගතය අරභයා ඔහුගෙන් ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් මගේ සිත සතුටු කරන්නේ නම්, මමද අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි. උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා, අනාගතය තිබේවා, මෙය ඇති කල්හි මෙය වෙයි. මොහුගේ ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මොහුගේ නිරුද්Ȁdධවීමෙන් මෙය මෙය නිරුද්Ȁdධවේයයි, ධර්‍මය තොපට දේශනා කරන්නෙමි.´´ ´´ස්වාමීනි, මම ජීවිතයෙන් යම්තාක් කල් ගත කෙළෙම්ද, එයද මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව සිහි කරන්ට නොපොහොසත් වෙමි. මම කෙසේ නම් නොයෙක් ආකාරවූ පෙර විසූ භව පිළිවෙළ සිහි කරන්නෙම්ද, එනම්, ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි, අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්. මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙම´ි යි, මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ භාග්‍යවතුන් වහන්සේ මෙන් කෙසේ නම් සිහිකරන්නෙම්ද, ස්වාමීනි, මම වනාහි දැන් පංගු පිසාචයෙකුවත් නොදන්නෙමි. මම කෙසේ නම් පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, යහපත් වර්‍ණ ඇත්තාවූ, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද,සත්‍වයන් දක්නෙම්ද? මේ පින්වත් සත්‍වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන් දොස් කියන්නෝ වූහ. මිත්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිත්‍යා දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ, නරකයෙහි උපන්නාහුය. හෙවත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට දොස් නොකියන්නාහු. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්‍වයන් දකින්නේද, පහත්වූද, උසස්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොවට ගියා වූද, නරක ලොවට ගියාවූද, චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්‍වයන් භාග්‍යවතුන් වහන්සේ මෙන් දැන ගන්නෙම්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට, ´උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා, අනාගතය තිබේවා, මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැතිවීමෙන් මෙය නැතිවේයයි තොපට ධර්‍මය දේශනා කරන්නෙමි´ යි යන යම් වචනයක් වදාළේද, එය මට වැඩියක් නොවැටහෙන්නේය. ස්වාමීනි, මම ස්වකීය ආචාය්‍ර්‍යවරයන්ගේ ඉගැන්වීම වන ප්‍රශ්න විසඳීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු කරන්නෙම් නම් ඉතා යෙහෙක.

4. ´´උදායීය, කුමක් නම් තොපගේ ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම වේද? ස්වාමීනි, අපගේ ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම මෙසේ වන්නේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය, මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. යනුයි. උදායීය, තොපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය, මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. යනු නම් ඒ උතුම් වර්ණ නම් කුමක්ද? ස්වාමීනි. යම් වර්ණයකට වඩා වැඩිවූද, උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි. උදායීය, යම් වර්ණයකට වඩා උසස්වූද වැඩිවූද යම් වර්ණයක් නැත් ඒ උතුම් වර්ණය නම් කුමක්ද? ස්වාමීනි, යම් වර්ණයකට වඩා උසස්වූද වැඩිවූද යම් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි. උදායීය, තොපගේ මේ වචනය දිගින් දිගට යන්නේය. ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි කියන්නෙහිය. ඒ වර්ණයද නොකියන්නෙහිය. උදායීය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේද? මම මේ ජනපදයෙහි යම් ජනපද කල්‍යාණිය (ඉතා රූපත් ස්ත්‍රිය) කැමතිවෙමි, පතමියි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, නුඹ ජනපද කල්‍යාණිය කැමැත්තෙහිය, පතන්නෙහිය. නුඹ, ජනපද
කල්‍යාණිය ක්‍ෂත්‍රියාවක්දැයි හෝ බ්‍රාහ්මණියක්දැයි හෝ වෛශ්‍යවංශ ඇත්තියක්දැයි හෝ ශුද්‍රවංශ ඇත්තියක්දැයි හෝ මෙසේ දන්නෙයිදැ´ යි අසන ලද්දේ නැතැයි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ´පින්වත් පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක් කැමැත්තෙහිද, පතන්නෙහිද. නුඹ, ඒ ජනපද කල්‍යාණිය මෙනම් ඇත්තීයයි හෝ මෙනම් ගෝත්‍ර ඇත්තීයයි හෝ දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. උස් තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේයයි දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. කලු තැනැත්තියක් හෝ හෙලලු වන් තැනැත්තියක් හෝ දුඹුරු පාට තැනැත්තියක් හෝ වේයයි දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ වේදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ´පින්වත් පුරුෂය, නුඹ යම් ස්ත්‍රියක් නොදන්නෙහිද, නොදක්නෙහිද, නුඹ ඇය කැමැතිවන්නෙහිද පතන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ ´එසේයයි කියන්නේය. උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, මෙසේ ඇතිකල්හි ඒ පුරුෂයාගේ කීම නිරත්‍ර්‍ථකවූ කීමක් බවට නොපැමිණෙන්නේද?´´ ´´ස්වාමීනි, ඒකාන්තයෙන්ම එසේ ඇතිකල්හි, ඒ පුරුෂයාගේ කීම නිරත්‍ර්‍ථකවූ කීමක් බවට පැමිණෙන්නේය, වන්නේය. උදායීය, එපරිද්දෙන්ම යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් ඒ වර්ණය උතුම් වර්ණය වේයයි, කියන්නෙහිය. ඒ වර්ණයද නොකියන්නෙහිය.

5. ´´ස්වාමීනි, යම්සේ යහපත්වූ, ජාති සම්පන්නවූ, අටැස්වූ, මනාව ඔප දමන ලද්දාවූ, වෛඩූය්‍ර්‍ය මාණික්‍යය කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයිද, දිලිසෙයිද, මරණින් මත්තෙහි උවදුරක් නැතිව පවත්නා ආත්මය මේ වර්ණය ඇත්තේය. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නේහිද? යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මනාව ඔප දමන ලද්දාවූ, වෛඩූය්‍ර්‍ය මාණික්‍යය පඬුවන් කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයිද, දිලිසෙයිද, මහත්වූ අන්‍ධකාර ඇති රාත්‍රියෙක්හි යම් කදෝපැනි නම් පණුවෙක් (කණාමැදිරියෙක්) වේද, මේ වර්ණයන් දෙදෙනාගෙන් කවර වර්ණයක් තෙම ඉතා වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?´´

6. ´´ස්වාමීනි, මහත් අන්‍ධකාර ඇති රාත්‍රියෙහි යම් මේ කදෝපැනි නම් පණුවෙක් වේද, මෙතෙම මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි´´. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අන්‍ධකාර ඇති රාත්‍රියෙහි යම් කදෝපැනි නම් පණුවෙක් හෝ වේද, මහත් අන්‍ධකාර ඇති රාත්‍රියෙක්හි යම් තෙල් පහණක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් තෙම වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´

´´ස්වාමීනි, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මේ තෙල් පහණක් වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.´´ ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් තෙල් පහණක් හෝ වේද, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මහ ගිනිකඳක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´ ´´ස්වාමීනි, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මේ මහත් ගිනිකඳක් වේද, මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.´´

7. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මහත් ගිනිකඳක් හෝ වේද, රාත්‍රි අළුයම් කාලයෙහි පහව ගියාවූ වැස්ස ඇති දුරුවූ වළාකුල් ඇති අහසෙහි යම් ඔසධි (පහන්) තාරකාවක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර නම් වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´ ´´ස්වාමීනි, රාත්‍රි බලවත් වැස්ස ඇති අළුයම් කාලයෙහි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි යම් ඔසධි (පහන්) තාරකාවක් වේද, මෙය මේ උභය වර්‍ණයන්ගෙන් වඩා යහපත් වන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.´ ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වළාකුල් ඇති අහසෙහි යම් පහන් තරුවක් හෝ එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ අඩ රෑ වැස්ස ඇති කාලයෙහි යම් පුන්සඳක් වේද, මේ වර්‍ණ දෙක අතුරෙන් කවර වර්‍ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´

8. ´´ස්වාමීනි, යම් මේ එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ අඩ රෑ කාලයෙහි පුන්සඳ වේද, මෙය මේ වර්‍ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වෙයි.´´ ´´ උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති, අහසෙහි සම්පූර්‍ණ අඩ රෑ කාලයෙහි යම් පුන්සඳක් හෝ වේද, වැසි කාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ ඉරමුදුන් කාලයෙහි යම් සූය්‍ර්‍යයෙත් හෝ වේද, මේ වර්‍ණ දෙක අතුරෙන් කවර වර්‍ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?´´

´´ස්වාමීනි, යම් මේ වැසි කාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්‍ණ ඉරමුදුන් කාලයෙහි සූය්‍ර්‍යයා වේද, එය මේ වර්‍ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වෙයි.´´

9. ´´උදායීය, මේ සඳ හිරු දෙදෙනාගෙන් ආලෝකය නොලබා තම ශරීරයෙන්ම මීටද වඩා ආලෝකමත්වූ දෙවියෝ බොහෝ වෙත්. ඉතා බොහෝ වෙත්. මම ඔවුන්ද දනිමි. එහෙත් යම් වර්ණයකට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් වර්ණයක් නැත්තේ යයි මම නොකියමි. එතකුදු වුවත් උදායීය, නුඹ මේ කණමැදිරි පණුවෙකුගේ වර්ණයටත් වඩා පහත්වූද, පිළිකුල්වූද, වර්ණයක් උතුම් වර්ණයයි කීයෙහිය. ඒ වර්ණයද පනවන්නෙහිය.´´

´´භාග්‍යවතුන් වහන්සේ කථාව කපා හැරියේය. සුගතයන් වහන්සේ කථාව කපා හැරියේය.´´

10. ´´උදායීය, කුමක් හෙයින් නුඹ ´භාග්‍යවතුන් වහන්සේ කථාව කපා හැරියේය. සුගතයන් වහන්සේ කථාව කපා හැරියේය.´ යි මෙසේ කීයෙහිද?´´

´´ස්වාමීනි, අපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීමෙහි මෙසේ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. යනුයි. ස්වාමීනි, ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම පිළිබඳව පැහැදිලි කරනු ලබන්නාවූ, කරුණු දක්වනු ලබන්නාවූ, කරුණු කියනු ලබන්නාවූ, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් හිස්කරන ලද්දෝ වැරැද්දට පමුණුවන ලද්දෝ වෙමු.´´

´´උදායීය, කිමෙක්ද, ඒකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේද? ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිත මාර්‍ගයක් ඇත්තේද?´´ ´´ස්වාමීනි, අපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීමෙහි ඒකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයක් ඇත්තේය යන ඉගැන්වීම වෙයි.´´

11. ´´උදායීය, ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස (පවත්නාවූ) ඒ කරුණු සහිත මාර්‍ගය කුමක්ද?´´ ´´ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ප්‍රාණාතය හැර ප්‍රාණාතයෙන් වැලකුනේ වෙයි. සොරකම් කිරීම හැර සොරකමින් වැලකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීම හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකුනේ වෙයි. බොරු කීම හැර බොරු කීමෙන් වැලකුනේ වෙයි. එක්තරා තපස් ගුණයක්
හෝ සමාදන්ව පවතියි. ස්වාමීනි, මේ වනාහි ඒකාන්ත සැප ඇත්තාවූ ලොකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ මාර්‍ගයවේ.´´

12. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි ප්‍රාණාතය හැර ප්‍රාණාතයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය ඇත්තේ වෙයි.´´

´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි සොරකම හැර සොරකමින් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´

´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි කාම මිත්‍යාචාරය හැර කාම මිත්‍යාචාරයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´

´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´

13. ´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි එක්තරා තපස් ගුණයක් සමාදන්ව පවතීද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?´´ ´´ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.´´

´´උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, සැපදුක් දෙකින් මිශ්‍ර වූයේ සුවදුක් දෙකම ඇති ප්‍රතිපදාවකට පැමිණ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීමෙක් වේද?´´ ´´භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය. සුගතයන් වහන්සේ කථාව සිංදේය.´´ ´´උදායීය, නුඹ කුමකට වනාහි භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය. සුගතයන් වහන්සේ කථාව සින්දේයයි මෙසේ කීයෙහිද?´´ ´´ස්වාමීනි, අපගේ ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීමෙහි ´ඒකාන්ත සැප ඇති ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයක් ඇත්තේය´ යන මේ ඉගැන්වීම වෙයි. ස්වාමීනි, ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ ඉගැන්වීම මනාව ගෙනහැර දක්වනු ලබන්නාවූ මනාව ගන්වනු ලබන්නාවූ මනාව කියනු ලබන්නාවු ඒ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් හිස්කරන ලද්දෝ වරදට පමුණුවන ලද්දෝ වෙමු.´´

14.´´ස්වාමීනි, කිම, ඒකාන්ත සුවයක් ඇත්තාවූ ලෝකයක් ඇත්තේද, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයක් ඇත්තේද?´´ ´´උදායීය, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්‍ගයෙක් ඇත්තේය.´´ ´´ස්වාමීනි, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ ඒ මාර්‍ගය කවරේද?´´

´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔවුහු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. (භික්‍ෂුතෙම) ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් කෙලෙස් තවන චීය්‍ර්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, වීතීය ධ්‍යානයට ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඎධිපාදය වඩයි. චිත්ත සමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඎධිපාදය වඩයි. තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. උදායීය, මේ වනාහි ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ මාර්‍ගයයි.´´ ´´ස්වාමීනි, ඒ වනාහි ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා මාර්‍ගය නොවෙයි. ස්වාමීනි, මෙතෙකින් ඔහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ වෙයි.´´ ´´උදායීය, මෙතෙකින් ඔහු ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට නොපැමිණියේ වෙයි. මෙය ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ඇති කරුණු සහිතවූ මාර්‍ගය වන්නේය.´´

15. මෙසේ වදාළ කල්හි ´´අපි මෙහි ආචාය්‍ර්‍යයන් සහිතව නැසුනෙමු. අපි මෙහි ආචාය්‍ර්‍යයන් සහිතව නැසුනෙමු. අපි මීට වඩා වැඩි දෙයක් නොදනිමු´´ යි සකුළුදායි පරිබ්‍රාජිකයාගේ පිරිස උස් හඬින් මහ හඬින් කෑ ගැසීය. ඉක්බිති සකුළුදායි පරිබ්‍රාජික තෙම ඒ පරිබ්‍රාජිකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, කොපමණකින් වනාහි මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දෝ වේද?´´ ´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම සුවයද දුරුකිරීමෙන් සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බෝධියට පමුණුවන්නාවූ, චිරියෙන්‍ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ, ස්මෘතින්‍ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ, සමාධින්‍ද්‍රිය වඩාද, චතුත්‍ර්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයි. යම්තාක් දෙවියෝ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයෙහි උපන්නාහුද, ඒ දෙවියන් සමග එක්ව සිටියිද, එක්ව කථා කරයිද, සාකච්ඡාවට පැමිණෙයිද, උදායීය, මෙතෙකින් වනාහි මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ වෙයි.´´
´´ස්වාමීනි, ඒකාන්තයෙන් මේ ඒකාන්ත සුව ඇති ලෝකයට පැමිණීම පිණිස භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙද්ද?´´ ´´උදායීය, මේ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි (බඹසර) උතුම් හැසිරීමෙහි නොහැසිරෙත්. උදායීය, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මෙයින් අන්‍යවූ ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්‍මයෝ ඇත්තාහ.´´

16. ´´ස්වාමීනි, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙද්ද, මෙයින් අන්‍යවූ ඒ අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද ඒ ධර්‍මයෝ කවරහුද?´´

´´උදායීය, එසේම මේ ලෝකයෙහි අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, දස වැදෑරුම් අක්‍ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කරති.

17. ´´ඒ ධර්‍මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයෙක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්Ȁdධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්Ȁdධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩිහක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙහි නම් ඉතා යහපතැයි කියායි.

18. ´´ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑ පිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම, සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්‍ෂූ සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්‍ණයෙන් වැළකුනේ, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්‍ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. අබ්‍රහ්මචය්‍ර්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්‍ගය නම්වූ ග්‍රාම ධර්‍මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබැව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ, ලෝකයා අතර විරුද්Ȁdධ කථා ඇති නොකෙරේ. පිසුනුබස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇතිකරණ වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අත්‍ර්‍ථයෙන් යුක්තවූ, ධර්‍මයෙන් යුක්තවූ, විනයයෙන් යුක්තවූ, වචන කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අත්‍ර්‍ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.

19. ´´හෙතෙම තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භෝජනයෙන් හා විකාල භෝජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලඞකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන්, රිදී, මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්‍ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. වැඩකරුවන් හා වැඩකාරියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය, යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම, මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොරට කිරීම, රන් නොරන් කිරීමාදියෙන්, හොර කිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදී යයි අඟවා වඤචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය යන මෙයින් වැළකුණේ වෙයි.

´´හෙතෙම යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද, සතුටුවන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි. යම් සේ පක්‍ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම්, ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන් භික්‍ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද, සතුටුවන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙම මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.

20. ´´හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුසල ධර්‍මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්‍ෂු ඉන්‍ද්‍රියය රකී. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

´´කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වන සේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතුකොට ගෙන ශ්‍රොතෙන්‍ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලොභ ෙවෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ ශ්‍රොතෙන්‍ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතඉන්‍ද්‍රියය රකී. ශ්‍රොතඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

´´නාසයෙන් ගඳක් ආ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වන සේ සිතට නොගනී. යමක් හේතුකොට ගෙන ානෙන්‍ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ානෙන්‍ද්‍රිය රකියි. ානෙන්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි.

දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ නොගනී. යමක් හේතු කොටගෙන ජිව්හෙන්‍ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිළිපදියි. ජිව්හෙන්‍ද්‍රිය (දිව) ආරක්‍ෂාකරයි. ජිව්හෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

´´කයින් පහසක් ස්පර්‍ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වන සේ සිතට නොගනියි. යමක් හේතුකොට ගෙන කායෙන්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ කායෙත්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්‍ද්‍රිය ආරක්‍ෂාකරයි. කායෙන්‍ද්‍රියේ සංවරයට පැමිණෙයි.

´´සිතින් ධම්මාරම්මනයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක් වන සේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ මනින්‍ද්‍රිය (සිත්) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.

21. ´´හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිදීද, දිගු කිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.

´´අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්ද වීම යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.

´´උතුම්වූ මේ සීල සමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤඤයෙන් යුක්තවූද, ඒ භික්‍ෂුතෙමේ කැලයද, ගහක් මුලද, පර්‍වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සේනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පය්‍ර්‍යඞක බැඳ ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.

´´ඔහු ස්කන්‍ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරවවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය – සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව, ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරුකොට, පහ කළ සැක ඇත්තේ කුසල ධර්‍ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

22. ´´හෙතෙම සිත කිලිටු කරන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ, මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ. විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසැරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්‍මයද වේ. උදායීය, නැවත අනිකක්ද කියමි. මහණකෙම චිතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්‍මයද වේ.

´´ උදායීය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරහිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරන ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්‍මයද වේ.

23. ´´ උදායීය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යාන ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

´´හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ´එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති හතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙම්න් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීම්, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්. මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්‍මයද වේ.

24. ´´ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින්, චුතවන උපදින සත්‍වයන් දකී, පහත්වූද, උසස්වූද, ලක්‍ෂණවූද, අවලක්‍ෂණවූද, හොඳ ලොව උපන්නාවූද, නරක ලොව උපදින්නාවූද, කර්‍මයට අනුව උපදින්නාවූ සත්‍වයන් දකී. ´මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිත්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිත්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු, සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝවූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන්වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ´ යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී, මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මසිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, පහත්වූද, උසස්වූද, ලක්‍ෂණවූද, අවලක්‍ෂණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්‍වයන් දනී.

25. ´´ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැන ගණී. මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැන ගණී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැන ගණී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැන ගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැන ගණී.

´´මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ. භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණ ලදී. මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ´ යිද දැනගණී.

´´උදායීය, යමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මේ වනාහි ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද, ධර්‍මය වේ. උදායීය, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මේ වනාහි ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද, ධර්‍මයෝ වෙති´´ යි වදාළේය.

26. මෙසේ වදාළ කල්හි සකුළුදායී පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ විවෘත කරන්නේද, මංමුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ
විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනා කරණ ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද, භික්‍ෂු සංයාද (සරණකොට යමි.) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලබන්නෙමි´´ යි මෙසේ කී කල්හි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිව්‍රාජකයාට මෙසේ කීයේය.

27. ´´භවත් උදායීය, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි නොහැසිරේවා, භවත් උදායී තෙමේ ආචාය්‍ර්‍යයෙක්ව සිට අතවැසිව වාසය නොකෙරේවා. යම්සේ නම් මහ දිය සැලියක්ව දිය ඉසින කිනිස්සක් වන්නේද, භවත් උදායීහුගේ මේ කාරණය එසේ වන්නේය. උදායීය, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි නොහැසිරේවා. භවත් උදායීය තෙමේ ගුරුවරයෙක්ව සිට අතවැසිව නොවෙසේවා´´ යනුයි.

මෙසේ වනාහි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිබ්‍රාජකයාගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිර්මට අනතුරු කෙළේය.

නවවෙනිවූ චූල සකුළුදායී සූත්‍රය නිමි. ( 3 – 9 )